Home » ‘සීතා­වක සාලාව මාර්ග සංව­ර්ධ­නය කැලණි ගඟට සේදිලා දින­මිණ පුවත පල දරයි’ ගංඉ­වුර කළු­ගල් කුට්ටි අතුරා සංව­ර්ධ­නය කරයි

‘සීතා­වක සාලාව මාර්ග සංව­ර්ධ­නය කැලණි ගඟට සේදිලා දින­මිණ පුවත පල දරයි’ ගංඉ­වුර කළු­ගල් කුට්ටි අතුරා සංව­ර්ධ­නය කරයි

by Gayan Abeykoon
July 5, 2024 3:06 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්ත­සිංහ

සීතා­වක ප්‍රාදේ­ශීය ලේකම් බල­ප්‍ර­දේ­ශයේ, කළු­අ­ග්ගල ගිරා­ඉ­ඹුල හරහා සාලාව මාර්ගය, කහ­ට­පි­ටිය ප්‍රදේ­ශ­යෙන් කැලණි ගඟට සේදී යෑම සම්බ­න්ධ­යෙන්, 2024 අප්‍රේල් 19 දින දින­මිණ පුව­ත්පතේ පළ වූ Òසීතා­වක සාලාව මාර්ග සංව­ර්ධ­නය කැලණි ගඟට සේදිලා – ප්‍රදේ­ශ­වා­සීහු පව­සතිÓ ප්‍රවෘ­ත්ති­යෙන් පසු අදාළ අංශ­ව­ලින් එම අනා­ර­ක්ෂිත කැලණි ගං ඉවුර කළු­ගල් කුට්ටි අතුරා සංව­ර්ධ­නය කර ඇතැයි, ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

අබලි ටයර් භාවිත කර ගංඉ­වුර සකස් කිරීමේ නියමු ව්‍යාපෘ­තිය වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව විසින් ආරම්භ කර, කඩින් කඩ අත­ර­මඟ නැව­තී­මෙන් පසු, කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑමත් සම­ඟම, එම ටයර් කැලණි ගඟට සේදී යෑම නිසා, ව්‍යාපෘ­තියේ වැඩ­ක­ට­යුතු අත­ර­මඟ නැව­තුණි.   මෙලෙස ගංඉ­වු­රට අතුරා තිබූ ටයර් කැලණි ගඟට සේදී යෑම නිසා එම ස්ථානයේ පව­තින අනා­ර­ක්ෂිත තත්ත්වය හා ප්‍රදේ­ශයේ ජන­තා­වට සම්ප­තක් වූ මාර්ගය ආරක්ෂා කර ගැනීම සම්බ­න්ධ­යෙන්, ජන­මාධ්‍ය මඟින් දැනු­වත් කිරී­මෙන් පසු, අබලි ටයර් භාවිත කර ගංඉ­වුර සකස් කිරීමේ ව්‍යාපෘ­තිය එම ස්ථාන­යට නොගැ­ළ­පෙන බව සීතා­වක සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සාකච්ඡා වීමත් සමඟ අදාළ අංශ විසින් එම ස්ථානය කළු­ගල් අතුරා මෙලෙස යථා තත්ත්ව­යට පත් කර ඇත.

මෙලෙස එම ස්ථානය යථා තත්ත්ව­යට පත්කර තිබුණ ද, ඒ ආස­න්න­යේම ඇති විදුලි කණු­වක් අස­ලින් මාර්ගයේ ගලා යන වැසි ජලය කැලණි ගඟට ගලා යෑම නිසා එම ස්ථානයේ ඇති ගංඉ­වුරේ කොට­සක් නැවත වාර­යක් කැලණි ගඟට සේදී ගොස් ඇතැයි ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.   ගංඉ­වුර සංව­ර්ධ­නය කිරීමේ වැඩ­ක­ට­යුතු වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව විසින් සිදු කරනු ලැබු­වත්, එම ස්ථානයේ මාර්ගය සකස් කර ආර­ක්ෂක වැටක් යෙදීම වෙනත් අංශ­ය­කට අයත් කාර්ය­යක් බව පව­සන ප්‍රදේ­ශ­වා­සීහු මෙම අනා­ර­ක්ෂිත ස්ථාන­යට ආර­ක්ෂක වැටක් යොදා එම ස්ථානය ආර­ක්ෂිත ස්ථාන­යක් ලෙසට පත් කර තැන තැන ගොඩ ගසා ඇති ටයර් ගොඩ­ව­ල්වල වැසි ජලය පිරී මදු­රු­වන් බෝ වීම අව­ධා­න­මක් බව පව­සන ප්‍රදේ­ශ­වා­සීහු, එම ටයර්ද එම ස්ථාන­යෙන් ඉවත් කර දෙන මෙන් ඔවුහු වග­කි­ව­යුතු අංශ­ව­ලින් ඉල්ලා සිටිති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT