177
සිය බිරිය සහ දරුවන් විදේශ රටක සිටින අතරේ වැල්ලම්පිටිය ප්රදේශයේ ජිවත් වන 57 හැවිරිදි ව්යාපාරික සැමියා 27 හැවිරිදි තරුණියක සමඟ පවුල් දිවියක් ගතකරමින් සිට ඇත.
මෙලෙස ටික කලක් ගතවෙද්දී තරුණිය සහ සැමියා අතර අඬදබරවීම් සිදු වන්නට පටන් ගෙන තිබුණි. දිනක් දෙදෙනාම නිවස තුළදී ගුටිබැට හුවමාරු කරගෙන දෙදෙනාම වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර සිටියහ.
ඒ අනුව දෙදෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය මඟින් ඔවුන් දෙදෙනා සමථ මණ්ඩලය වෙත යොමුකරනු ලැබ තිබේ.