Home » සීතා­වක ප්‍රාදේ­ශීය සභා­වෙන් ගල් ගල­වා­ගෙන ගිහින්
ඉවත දමා තිබූ බිම් ඇතු­රුම් ගල්ව­ලින් පාර සෑදූ පිරි­සට විරෝ­ධය පා

සීතා­වක ප්‍රාදේ­ශීය සභා­වෙන් ගල් ගල­වා­ගෙන ගිහින්

by Gayan Abeykoon
July 5, 2024 2:11 am 0 comment

මීගොඩ - බී.කේ. කත්රි­ආ­රච්චි

වසර පහ­කට වැඩි කාල­යක් ඉව­ත­දමා තිබූ බිම් ඇතු­රුම් ගල් තොග­යක් ප්‍රයෝ­ජ­න­යට ගෙන ජන­තා­වගේ ශ්‍රම­දායකත්වයෙන් සෑදූ පාරක් සීතා­වක ප්‍රාදේ­ශීය සභාවේ සේව­ක­යින් පැමිණ ගලවා ගෙන ගිය පුව­තක් පාදුක්ක, පින්න­වල ප්‍රදේ­ශ­යෙන් වාර්තා වේ.

පසු­ගිය දින­වල පැවති අධික වර්ෂා­ප­ත­නය නිසා උල්දිය මතු­වීම හේතු­වෙන් පාදුක්ක, පින්න­වල ගම්මාන දුම්රි­ය­පොළ මාර්ගයේ අඩි 150ක් පමණ මාර්ගය කිසිම අයු­ර­කින් ගමන් කිරි­මට නොහැකි ලෙස මඩ වගු­රක් බවට පත්ව තිබී ඇත.

එබැ­වින් මාස 2කට ආසන්න කාල­යක් පවුල් 35ක පමණ ජන­තාව තම දරු­වන්ගේ පාසල් කට­යුතු හා ඔවුන්ගේ එදි­නෙදා ගමන් බිමන් සඳහා අනා­ර­ක්ෂිත ලෙස දුම්රිය මාර්ගය භාවිත‍ කළ බව එම ගම්වා­සීහු පව­සති.

තව­දු­ර­ටත් එසේ ගමන් කිරි­මට නොහැකි නිසාත් මාර්ගය පිළි­ස­කර කිරි­මට කිසිදු ජනතා නියෝ­ජි­ත­යෙ­කුගේ සහ­යක් නොලැ­බුණු නිසාත් ගම්වා­සීන් විසින් ශ්‍රම­දා­න­යක් සංවි­ධා­නය කර­මින් පෞද්ග­ලික මුද­ල්ව­ලින් ගල්පස් යොදා මාර්ගය පිළි­ස­කර කර­ගෙන ඇත.

නමුත් එම උත්ස­හය ද අසා­ර්ථක වීම නිසා­වෙන් නැව­තත් එම මාර්ගයේ ගමන් කිරි­මට නොහැකි වීම නිසා , පින්න­වල සම­ය­ව­ර්ධ­නා­රාම පන්සල අසල මාර්ගයේ අතුරා තිබී මීට වසර 5කට පමණ පෙර ගලවා දමා තැන් තැන්වල වල් වැදී දිරා­පත් වෙමින් තිබූ බිම් ඇතු­රුම් ගල්ව­ලින් කොට­සක් ගෙන මෙම වගුරු බිමක්වූ පාර පිළි­ස­කර කර ගැනී­මට ප්‍රදේ­ශ­වා­සීන් කට­යුතු කර ඇත.

සීතා­වක ප්‍රාදේ­ශීය සභාවේ ලේක­ම්ගේ නියෝ­ගය පරිදි සීතා­වක ප්‍රාදේ­ශීය සභාවේ සේව­ක­යින් ලවා සවි­ක­රන ලද බිම් ඇතු­රුම් ගල් ගලවා පෙරේදා (03) යළි රැගෙන ගොස් ඇත.

මේ නිසා­වෙන් ඉතා වෙහෙ­සක් දරා මිල මුදල් පවා වැය කර­මින් කිසිදු වැඩක් ගෙන නොතිබූ බිම් ඇතු­රුම් ගල් ප්‍රයෝ­ජ­න­යට ගෙන සිදු කළ කට­යුත්ත කිසිදු පලක් නොවීම පිළි­බ­ඳව කර­කියා ගැනී­මට නොහැකි වූ ජන­තාව ප්‍රාදේ­ශීය සභාවේ ලේකම්ට විරු­ද්ධව මෙම අව­න­ඩුව දෙවි­යන්ට භාර කළ අයුරු දැක­ගත හැකි විය.

මේ පිළි­බ­ඳව සිදු කළ විම­සී­ම­කදී සීතා­වක ප්‍රාදේ­ශීය සභාවේ ලේකම් චන්දන පද්ම­සිරි මහතා මෙසේ පවසා සිටි­යේය. “ ඒක තනි­ක­රම අස­ත්‍ය­යක්. ඒ අසල මාර්ග­ය­කට අල්ලා තිබුණු බිම් ඇතු­රුම් ගල් තොග­යක් එම මාර්ගය කාපට් අතුරා තාර දැමී­මෙන් පසු බිම් ඇතු­රුම් ගල් තොගය ගලවා ඉවත් කර තිබුණා. වෙනත් මාර්ග­ව­ලට ඇල්ලීම සඳහා. මේ ගමේ අය සභාවේ කිසිදු අව­ස­ර­ය­කින් තොරව සභාව සතු නොවන දුම්රිය රක්ෂි­ත­ය­කට අයත් ඉඩ­මක පාරක් හදා­ගෙන ඒ ගල් ටික ගෙනැල්ලා අල්ලලා. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම ගල් ඇතු­රුම් කර­නවා නම් සභාව සතු පාර­කට පම­ණයි කළ යුත්තේ. ඒ නිසා ඒකට ගල් අල්ලන්න සභා­වට අව­සර දෙන්න හැකි­යා­වක් නෑ. ඒ නිසා ඒ ගල් ටික අපි ගල­ව­ගෙන අරන් ආවා. ඒ ගමේ අය තමයි සභාව සතු දේපොළ බල­හ­ත්කා­ර­යෙන් ‍ෙපෟද්ග­ලික පාර­ව­ලට අල්ලලා තියෙන්නේ. මම ඒ සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ල්ලක් දැම්මේ නැහැ පොලි­සි­යට. එහෙම පැමි­ණි­ල්ලක් දැම්මා නම් පොදු දේපළ පනත යටතේ මේ හැමෝම බන්ධ­නා­ගා­ර­ගත වෙනවා.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT