126
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන යෞවන සමාජ සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික තරුණ සේවා සභාපති අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතාගේ සහභාගිත්වයෙන් මෙම හෙට (06) පෙ.ව 10.00 ට මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී අත්පන්දු, දැල් පන්දු, ක්‍රිකට් කට්ටල හා කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා භාණ්ඩ කට්ටල 100ක් සංකේතාත්මකව බෙදාදීමට නියමිතය.