Friday, May 9, 2025
Home » ශ්‍රී ලංකා­වෙන් ඔලි­ම්පික් වරම් දිනූ ක්‍රීඩක පිරිස 5 දක්වා ඉහළ යයි

ශ්‍රී ලංකා­වෙන් ඔලි­ම්පික් වරම් දිනූ ක්‍රීඩක පිරිස 5 දක්වා ඉහළ යයි

පැරිස් යන්න තවත් එක් අයෙක් පෝලිමේ

by Gayan Abeykoon
July 5, 2024 2:00 am 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර

ප්‍රංශයේ පැරිස් නුව­රදී මේ මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා පැවැ­ත්වෙන 33 වැනි ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 5ක් සුදු­සු­කම් ලබති.

බැඩ්මි­න්ටන් ක්‍රීඩක විරේන් නෙත්ත­සිංහ ඔලි­ම්පික් උලෙ­ළට ඍජු සුදු­සු­කම් ලබා­ගත් පළමු ක්‍රීඩ­කයා වූ අතර, හෙල්ල විසි­කි­රීමේ ශූරී දිල්හානි ලේකම්ගේ හා මීටර් 800 කාන්තා ඉසව්වේ ශූරී තරුෂි කරු­ණා­රත්න රෝඩ් ටු පැරිස් 24 ඔලි­ම්පික් සුදු­සු­කම් ලබා ගැනීමේ ලේඛ­නය අනුව ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට සුදු­සු­කම් ලබා ගත්හ. එයට අම­ත­රව පිහි­නුම් ක්‍රීඩා­වෙන් ඍජු සුදු­සු­කම් නොලැබූ රට­ව­ලට ලබා­දෙන ‘වයිල් කාඩ්’ අව­ස්ථාව යටතේ කයිල් අබේ­සිංහ සහ ගංගා සෙන­වි­රත්න පැරිස් ඔලි­ම්පික් උලෙ­ළට සුදු­සු­කම් ලබා ඇත.

ශ්‍රී ලංකා­වට මලල ක්‍රීඩා­වෙන් තවත් අව­ස්ථා­වක් උදාවී ඇති අතර‍, එම අව­ස්ථාව මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශ­නට හෝ මීටර් 100 ක්‍රීඩක යුපුන් අබේ­කෝන්ට හිමි­වීමේ අවස්ථා නිර්මා­ණ­යවී තිබේ. අඟල් 2කින් ඔලි­ම්පික් අහි­මිවී ගිය හෙල්ල විසි­කි­රීමේ ක්‍රීඩක රුමේෂ් තරං­ගගේ අභි­යා­ච­නය ද පොරොත්තු ලේඛ­නයේ ඇත.

රෝඩ් ටු පැරිස් 24 ඔලි­ම්පික් සුදු­සු­කම් ලබා ගැනීමේ ලේඛ­නය අනුව මීටර් 400 ඉස­ව්වෙන් ලොව 51 වැනි ස්ථානයේ පසු­වන අරුණ දර්ශ­නට ඉදි­රි­යෙන් සිටින ක්‍රීඩ­ක­යන් සිව්දෙ­නකු ඉදිරි දින කිහි­ප­යේදී යම් හෙය­කින් එම ලේඛ­න­යෙන් ඉව­තට ගිය­හොත් අරුණ දර්ශ­නට ඔලි­ම්පික් වරම් උදාවේ. පිරිමි මීටර් 400 ඉස­ව්වෙන් රෝඩ් ටු පැරිස් 24 ඔලි­ම්පික් සුදු­සු­කම් ලබා ගැනීමේ ලේඛ­නයේ මුල් ක්‍රීඩ­ක­යන් 48ට පම­ණක් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට යෑමේ අවස්ථා උදාවේ.

එලෙස අරුණ දර්ශ­නට අව­ස්ථාව උදා නොවු­ණ­හොත් මීටර් 100 ක්‍රීඩ­ක­ය­කුට ඍජු සුදු­සු­කම් නොලැබූ රට­ව­ලට ලබා­දෙන ‘වයිල් කාඩ්’ අව­ස්ථාව යටතේ ඔලි­ම්පික් වරම් උදා­වනු ඇත. එහිදී එම ඉස­ව්වේදී ඉදි­රි­යෙන් සිටින යුපුන් අබේ­කෝන්ට අව­ස්ථාව උදා­වන අතර, ඔහු පසු­ගි­යදා ආබා­ධ­ය­කට ලක්වීම හේතු­වෙන් මේ මස 10 වැනි­දාට පෙර තර­ග­ය­කට සහ­භා­ගිවී යෝග්‍ය­තාව සනාථ කළ යුතුය.

එහෙත් ඍජු සුදු­සු­කම් නොලැබූ රට­ව­ලට ලබා­දෙන ‘වයිල් කාඩ්’ අව­ස්ථාව යටතේ ඔලි­ම්පික් වරම් ලබා ගැනී­මට යුපුන් අබේ­කෝන් මැළි­ක­මක් දක්වන බව ද වාර්තා වේ. පොදු රාජ්‍ය­ම­ණ්ඩ­ලීය පද­ක්කම් දිනා­ගත් යුපුන් අබේ­කෝන් අන­තු­රුව ඩය­මන්ඩ් ලීග් වැනි ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩා තර­ග­ව­ලට සහ­භා­ගිවී වෘත්තීය මට්ටමේ සිටින ක්‍රීඩ­ක­යකු බැවින් ‘වයිල් කාඩ්’ ක්‍රම­යට ඔලි­ම්පික් වරම් ලබා ගැනීම ගැටලු සහ­ගත බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංග­මයේ ප්‍රකා­ශ­ක­යකු ‘දින­මිණ’ට පැව­සීය. ඉදිරි දින­ව­ලදී යාව­ත්කා­ලීන වන රෝඩ් ටු පැරිස් 24 ඔලි­ම්පික් සුදු­සු­කම් ලබා ගැනීමේ ලේඛ­නයේ මුල් ක්‍රීඩ­ක­යන් 48ට අරුණ දර්ශන නොපැ­මි­ණි­ය­හොත් දේශීය ක්‍රීඩා­පි­ටියේ මීටර් 100 ඉසව්වේ ඉදි­රි­යෙන් සිටින චමෝද් යෝධ­සිං­හට අව­ස්ථාව උදාවේ.

යම් හෙය­කින් හෙල්ල විසි­කි­රීමේ ඉසව්වේ පැරිස් ඔලි­ම්පික් සුදු­සු­කම් ලැබීම ආස­න්න­ය­ටම පැමිණ තවත් අඟල් 2කින් ඔලි­ම්පික් අහි­මිවී ගිය රුමේෂ් තරංග පැරිස් ඔලි­ම්පික් උලෙ­ළට එක්කර ගන්නා ලෙස ජාතික ඔලි­ම්පික් කමි­ටුව හරහා ජාත්‍ය­න්තර ඔලි­ම්පික් කමි­ටු­වෙන් කළ ඉල්ලීම අනුව ඔහුට අව­ස්ථාව උදා වුව­හොත් මීටර් 100 ඉස­ව්වෙන් ශ්‍රී ලංකා නියෝ­ජ­නය ද අහි­මිවී යනු ඇත.

දකුණු කොරි­යාවේ මොක්පෝහි පැවති ආසි­යානු විසි­කි­රීමේ ශූර­තා­ව­ලි­යේදී මීටර් 85.45ක දුරක් හෙල්ල විසි­කළ රුමේෂ් තරංග මෙවර තර­ග­වා­රයේ ලෝකයේ හෙල්ල විසි­කි­රීමේ ක්‍රීඩ­ක­ය­කුගේ දහ­වැනි දිගම විසි කිරීම සිදු කර ඇති හෙයින් ඔලි­ම්පික් වරම් ලබා ගැනීම ඔහුගේ බල­වත් අපේ­ක්ෂා­වක්වී තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT