Home » ගාලු ක්‍රීඩ­කයෝ පල්ලෙ­කැ­ලේදී පෙර­මුණ ගෙන දඹුලු යති

ගාලු ක්‍රීඩ­කයෝ පල්ලෙ­කැ­ලේදී පෙර­මුණ ගෙන දඹුලු යති

by Gayan Abeykoon
July 5, 2024 12:50 am 0 comment

නිරෝ­ෂාන් ප්රියං­කර
අවිශ්ක

පස්වැනි වරට පැවැ­ත්වෙන ලංකා ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ මූලික වටය යටතේ දඹු­ල්ලේදී පැවැ­ත්වෙන තරග අද (5) ආරම්භ වෙයි. මේ තර­ගා­ව­ලියේ පල්ලෙ­කැ­ලේදී පැවති තරග පෙරේදා නිමා­වට පත්වූයේ ගෝල් මාර්වල්ස් කණ්ඩා­යම අප­රා­ජි­ත­යන් ලෙස පෙර­මුණේ තබ­මිණි.

එහිදී තරග 5ක් පැවති අතර, සෑම කණ්ඩා­ය­මක්ම තරග දෙක බැගින් ක්‍රීඩා කළේය. එහිදී ගෝල් ක්‍රීඩ­කයෝ තරග දෙකම ජය ගනි­මින් ප්‍රසාද ලකුණු 4ක් සමඟ පෙර­මු­ණ­ගත් අතර, කලම්බු පිල ලකුණු 2ක් සමඟ දෙවැනි තැනට පත් විය. ජැෆ්නා, කැන්ඩි සහ දඹුල්ල පිළි­වෙ­ළින් තෙවැනි තැන සිට 5 වැනි තැන සිටින අතර, ජැෆ්නා සහ කැන්ඩි ද ජය­ග්‍ර­හ­ණය බැගින් ලබා තිබේ. දඹු­ල්ලට තරග දෙකම ජය ගැනී­මට නොහැකි විය.

මේ තරග නිමා වෙද්දී ජැෆ්නා කණ්ඩා­යමේ අවිශ්ක ප්‍රනාන්දු වැඩිම ලකු­ණු­ලා­භියා බවට පත්ව ඇත්තේ ලකුණු 139ක් රැස් කර­මිනි. ඔහු ක්‍රීඩා කළ තරග දෙකේදී පිට පිට අර්ධ ශතක 2ක් (80, 59) රැස් කළ අතර, එල්පී­එල් ඉති­හා­සයේ වැඩිම අර්ධ ශතක රැස් කළ පිති­කරු වන්නේද අවි­ශ්කය. ඔහු මේ වන විට අර්ධ ශතක 12ක් රැස් කර තිබේ. මාක් චැප්මන් (දඹුල්ල) ලකුණු 124ක්, දිනේෂ් චන්දි­මාල් (කැන්ඩි) ලකුණු 103ක් රැස් කර ඇති අතර, එල්පී­එල් ඉති­හා­සයේ වේග­වත්ම ශත­කය වාර්තා කළ දඹුල්ල කණ්ඩා­යමේ කුසල් පෙරේරා සිව්වැනි තැන සිටින්නේ ලකුණු 102ක් සම­ඟිනි.

එල්පී­එල් ඉති­හා­සයේ දෙවැනි කඩුලු ත්‍රිත්වය වාර්තා කළ කලම්බු කණ්ඩා­යමේ ශදාබ් ඛාන් කඩුලු 8ක් සමඟ පන්දු යව­න්නන් අතර පෙර­මුණ ගෙන සිටින අතර, දසුන් ශානක (කැන්ඩි) සහ දුනිත් වෙල්ලා­ලගේ (කලම්බු) කඩුලු 4 බැගින් දවා ගෙන තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT