යාපනය මහ දිසාපතිවරයා ලෙස උතුරේ ජනතාව අතර අතිමහත් ජනප්‍රසාදයට පත් පරිපාලන නිලධාරියකු සහ උතුරු නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරයකු, හිටපු තානාපති නිලධාරියකු, ටවර් හෝල් පදනමේ සභාපතිවරයා සහ ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයකු ලෙස කලක් සේවය කළ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ලයනල් ප්‍රනාන්දු මහතා පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත විය. මේ ඔහු පිළිබඳව ආචාර්ය රංග කලංසූරිය මහතා දැක්වූ අදහස් ඇසුරින් සැකැසුණු ලිපියකි
ලයනල් ප්‍රනාන්දු නම් රාජ්‍යතාන්ත්‍රිකයා, ලයනල් ප්‍රනාන්දු නම් පරිපාලන නිලධාරියා තරමටම බලවත්ය. ඔහු මැලේසියාවේ තානාපති ලෙස පත්ව යන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතිශය බලවත්ව තිබූ කාලයකය. මැලේසියාව යනු කොටි ජාලය දැඩි ලෙස ක්‍රියාත්මක වූ රටකි. ඒ තත්ත්වය තුළ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය දැරීම යනු ලෙහෙසි පහසු වැඩක් නොවේ. කල්පනාවෙන් සහ අවධානයෙන් කළ යුත්තකි.ඔහු එහිදී මෙරට වෙනුවෙන් හැකි උපරිම ආකාරයෙන් කැප වී කටයුතු කළ බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.
ලයනල් ප්‍රනාන්දු යන සියවසකින්වත් යළිත් බිහි නොවන ආකාරයේ විශිෂ්ට පරිපාලන නිලධාරියෙකි. වෘත්තීය පරිපාලන නිලධාරියකු වුවද ඔහුට කලාව සමඟ ද තිබුණේ අතිශය ළඟ සහ ලෙන්ගතු සබඳතාවකි. ඒ සබඳතාවට මූලය වූයේ ලයනල් ප්‍රනාන්දු මහතාගේ බිරිය. ඇය ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදිනියක වූ සෝමලතා සුබසිංහ මහත්මියයි. එනිසා කලාව සහ පරිපාලනය යන දෙඅංශයම යා කළ පරිපාලන රෙගුලාසි පමණක් හිසට ගත් නිලධාරීන් අතර ලයනල් ප්‍රනාන්දු යනු නිහතමානී සහ කාර්යක්ෂම නිලධාරියෙකි. ඔහු මහජන මෙහෙය මෙන්ම පරිපාලනය යන දෙපාර්ශ්වයම සමබර ලෙස පවත්වාගෙන ගිය නිලධාරියකු යැයි සඳහන් කිරීම ඔහුට කරනු ලබන ගෞරවයකි. නිලධාරීන් ඕනෑතරම් සිටියත් ලයනල් ප්‍රනාන්දු මහතාගේ පිළිවෙත අනුගමනය කරනු ලබන නිලධාරීන් සිටින්නේ අතළොස්සකි.
යාපනය මහදිසාපතිවරයා ලෙස ලයනල් ප්‍රනාන්දු මහතා කටයුතු කළ කාලය පිළිබඳව යාපනයේ පැරැණි ජනතාව අදත් කතා කරති. යාපනය මහ දිසාපති ලෙස පත්වූ පළමු සිංහල ජාතිකයා ලයනල් ප්‍රනාන්දු මහතාය. එහෙත් යාපනයේ ජනතාව ඔහු වෙත සමීප වූයේ විස්මයජනක ලෙසය. ප්‍රනාන්දු මහතාගේ මෑණියන් මිය යන්නේ ඔහු යාපනයේ සිටි කාලයේදීය. එහිදී උතුරේ මිනිසුන් ඉල්ලා සිටින්නේ ප්‍රනාන්දු මහතාගේ මව යාපනයේ මිහිදන් කරන ලෙසය. ඔවුන් සිතන්නේ ප්‍රනාන්දු මහතාගේ දේහය යාපනයේ මිහිදින් කිරීම යාපනයේ මිනිසුන්ට ගෞරවයක් බවය.
ලයනල් ප්‍රනාන්දු මහතා සහ යාපා පටුන අතර තිබුණේ එවැනි ආකාරයේ නොබිඳිය හැකි සබඳතාවකි. ඔහු යාපනයේ මහ දිසාපති ධුරයෙන් ඉවත්ව කෙතෙක් කල් ගියද එහි ජනතාව තුළ ප්‍රනාන්දු මහතා ගැන මතකය දීර්ඝකාලීන ලෙස රැඳී තිබෙන්නේ ඔහුගේ සුවිශේෂ ගුණය නිසාය. සාම්ප්‍රදායික නිලධාරියකු නොවී මහජනතාව සමඟ වැඩ කරන ලද ලයනල් ප්‍රනාන්දු මහතා වැනි නිලධාරීන් සෙසු නිලධාරීන්ට ද ආදර්ශයකි. ඒ ආදර්ශය අදට පමණක් නොව අනාගතයේ පැමිණෙන නිලධාරීන්ට වුවද පොදුය.
ලයනල් ප්‍රනාන්දු මහතා සහ උතුර අතර පැවැති මේ සුහදත්වය නිසා 1994 බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ සාම සාකච්ඡා කණ්ඩායමේ නියෝජිතකයකු ලෙස ද ඔහුට ස්ථානයක් වෙන්වන්නේය. යාපනයට යන ලයනල්ට නැවතත් එහි ජනතාවගෙන ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්රතිචාරයකි. “ලයනල්..ලයනල්.” යැයි උතුරේ වැසියන් ඔහු දුටු සෑම තැනකදීම හඬ නඟන ලද්දේ තමන් සමඟ ළබැඳිව කටයුතු කළ දකුණේ සුහද හිතවතා නැවතත් උතුරට පැමිණීම නිසාය. එවැනි ඉහළ ප්‍රතිචාරයක් දකුණේ වැසියකුට උතුරේදී ලැබීම යනු ලයනල් ප්‍රනාන්දු චරිතය සහ උතුරේ සාමාන්‍ය ජනතාව අතර තිබූ සබඳතාව, සුහදතාව කෙතෙක් ද යන්නට හොඳම උදාහරණයකි.
ලයනල් ප්‍රනාන්දු නම් රාජ්‍යතාන්ත්‍රිකයා, ලයනල් ප්‍රනාන්දු නම් පරිපාලන නිලධාරියා තරමටම බලවත්ය. ඔහු මැලේසියාවේ තානාපති ලෙස පත්ව යන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතිශය බලවත්ව තිබූ කාලයකය. මැලේසියාව යනු කොටි ජාලය දැඩි ලෙස ක්‍රියාත්මක වූ රටකි. ඒ තත්ත්වය තුළ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය දැරීම යනු ලේසිපහසු වැඩක් නොවේ. කල්පනාවෙන් සහ අවධානයෙන් කළ යුත්තකි.ඔහු එහිදී මෙරට වෙනුවෙන් හැකි උපරිම ආකාරයෙන් කැප වී කටයුතු කළ බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. එහිදී ඔහුට විපුල වනිගසේකර නම් සහායකයා ද විශාල සහායක් ලබා දුන් බව ද සඳහන් කළ යුතුය. මැලේසියාවේ සිටි මෙරට තානාපති නිලධාරීන් අතර සාර්ථකම සහ තම තානාපති මෙහෙය ඉතාමත් ඉහළින් ඉටු කළ තානාපතිවරයා ලයනල් ප්‍රනාන්දු මහතාය යන්න කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ඉන්පසුව මැලේසියාවේ මෙරට තානාපතිවරයකු ලෙස තම හැකියාව සහ සාර්ථකත්වය පෙන්වා ඇත්තේ රෝසි සේනානායක මහත්මියය.
ඉන්පසු කලක් බටහිර රටක තානාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කළ අතර ඔහු සහ මා අතර ලොකු මිත්‍රත්වයක් ඇතිව තිබුණි.
ලයනල් ප්‍රනාන්දු යනු පරිපාලන නිලධාරියකු, රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු පමණක් නොව ජනමාධ්‍ය පිළිබඳව ද කැමැත්තක් සහ අවබෝධයක් ඇතිව කටයුතු කළ නිලධාරියෙකි. ඔහු මෙරට ප්‍රධානම මුද්‍රිත මාධ්‍ය ආයතනය වන ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළේය. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී අපි ද ලේක්හවුස් ආයතනයේ තරුණ මාධ්‍යවේදීන් කටයුතු කළෙමු. අපගේ ප්‍රධානීන් ලෙස කටයුතු කළේ බෙනට් රූපසිංහ, සරත් කුරේ වැනි ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන්ය. ඒ දිනවල පැවැති මැතිවරණ ප්‍රතිඵල වාර්තා කිරීම දිනමිණ, තිනකරන් සහ ඩේලි නිවුස් පුවත්පත්වල ප්රවෘත්ති අංශ ඒකාබද්ධව සිදු කරනු ලබන්නකි. දින දෙක තුනක් ඇදී යන මේ කාර්යය යනු රසවත් මතක නැවත ඉපිදෙන තැනකි, රාජකාරිය අකුරට සිදු කරන අතර රසවත් කතාබහ ද ඇතිවේ. සවස්වන විට ලේක්හවුස් සභාපති ධුරය දැරූ ලයනල් ප්‍රනාන්දු මහතා ද ප්රවෘත්ති මේසය වෙත පැමිණෙන්නේ නිහතමානීකම පෙරදැරිකරගෙනය.මාධ්‍යකරුවන් සමඟ හරිහරියට පෑහීමට තරම් ඔහුට හොඳ හැකියාවක් තිබුණි.
මහ දිසාපතිවරයකු, තානාපතිවරයකු, ආණ්ඩුකාරවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වුවද ඔහුට සාමාන්‍ය මිනිසුන් සමඟ ද හොඳ සබඳතාවක් තිබුණි. ප්රවෘත්ති මේසයේ කටයුතු කළ අප සමඟ තේ එකක් බීමටත් විටෙක විටක් හැපීමටත් තරම් ඔහු නිහතමානී වූයේ තමන්ගේ නිලයෙන් හිස උදුම්මා නොගත් නිසාය.
2015න් පසු ටවර් හෝල් පදනමේ සභාපතිවරයා ලෙස ද කලාව වෙනුවෙන් කැපවූ ඔහු අවුරුදු අසූ අටක ජීවන ගමන තුළ විවිධ ඉසව් ඔස්සේ සිය කැපවීම සහ නිහතමානී ගුණය පෙන්වා දුන් නිහතමානී නිලධාරියෙකි. එවැනි අවංක, නිහතමානී සහ ජනතාවාදී නිලධාරීන් අද සේවයේ සිටින සෙසු නිලධාරීන්ට ද ආදර්ශයට ගත හැකි චරිතය.
ආචාර්ය රංග කලන්සූරිය
සටහන
උදිත ගුණවර්ධන