Friday, May 9, 2025
Home » කොළඹ වරාය නගර අවට මෙහෙයුමකින් විදෙස් දුම්වැටි 3000ක් අල්ලයි

කොළඹ වරාය නගර අවට මෙහෙයුමකින් විදෙස් දුම්වැටි 3000ක් අල්ලයි

by sachintha
July 8, 2024 1:49 am 0 comment

ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කොළඹ වරාය නගර පිවිසුම අසල ප්‍රදේශයේ පෙරේදා (06) සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි තුන් දහසක (3000) පමණ තොගයක් සමඟ සැකකරුවකු නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික රංගල ආයතනය, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කොළඹ වරාය නගර පිවිසුම අසල ප්‍රදේශයේ සිදු කළ මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී එම ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයකු නිරීක්‍ෂණය කර පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී එම සැකකරු සතුව තිබී නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි තුන් දහසක (3000) පමණ තොගයක් සමඟ එම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT