Home » ධීවර සංස්ථාවේ කඩවත මත්ස්‍ය වෙළෙඳසල ජනතා අයිතියට

ධීවර සංස්ථාවේ කඩවත මත්ස්‍ය වෙළෙඳසල ජනතා අයිතියට

by sachintha
July 8, 2024 1:50 am 0 comment

ලංකා ධීවර සංස්ථාව මඟින් දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළෙඳසල් ජාලයේ නවතම ශාඛාව, කඩවත කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අංක 457 දරන ස්ථානයේදී (නිකාඩෝ ගොඩනැඟිල්ල ඉදිරිපිට ඉන්ධන පිරවුම්හලට යාබදව) ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් විවෘත කෙරිණි.

පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීම අරමුණ කර ගනිමින් ධීවර සංස්ථා මත්ස්‍ය වෙළෙඳසල මහජන අයිතියට පත් කර ඇත. මෙම නවීන වෙළෙඳසල හරහා පාරිභෝගික ජනතාවට ගුණාත්මක පෝෂ­්‍යදායී මත්ස්‍ය වර්ගවලට අමතරව උම්බලකඩ ඇතුළු මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගැනීමට පහසුකම් සලසා දී තිබේ. මේ අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය මහතා, ධීවර අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මානව සම්පත් සංවර්ධන) අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය, ලංකා ධීවර සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ සුරංග හිදැල්ලආරච්චි මහතා ඇතුළු ධීවර සංස්ථා නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT