269
බුද්ධිගලනය නවතා රටේ සංවර්ධනයට මානව සම්පත ඵලදායි ලෙස යොදාගැනීම තේමා කරගනිමින් කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් ඊයේ (7) ‘දරුවන් දිනවන ආනන්දීය පාගමන 2024’ නමින් පාගමනක් සංවිධානය කර තිබිණි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ආරම්භ වූ මේ පාගමන පුංචි බොරැල්ල, වෝර්ඩ් ප්ලේස්, ලිප්ටන් වටරවුම ඔස්සේ විහාර මහාදේවි එළිමහන් රංග පීඨය දක්වා ළඟා විය. ආනන්ද විද්‍යාලයීය විදුහල්පති ලාල් දිසානායක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, හිටපු කථානායක දේශබන්දු කරු ජයසූරිය, ආදි සිසුන්, ගුරු භවතුන් ඇතුළු පිරිසක් මේ පාගමනට එක්ව සිටියහ.
ඡායාරූප
දුෂ්මන්ත මායාදුන්න