ගාල්ල, උළුවිටිකේහිදී පැවැත්වූ එක්සත් ජාතික පක්ෂ රැලියට පෙරේදා (06) පෙරවරුවේ සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගණයේදී පැවැති සැමරුම් උත්සවයට ද එදින සවස් වරුවේ සහභාගී විය. එහි වේදිකාවේ කතාවක් ද පැවැත්වූ ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, පක්ෂයේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහත්වරුන් සමඟ උත්සව සභාවේ අසුන් ගෙන සිටි අයුරු.
316
මීලඟ පුවත