අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වුවත් මෙය තවදුරටත් පුළුල් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
මේ අයිතිවාසිකම්වලට අමතරව ආර්ථික, සමාජීය, සංස්කෘතික, අධ්‍යාපන,සෞඛ්‍ය, ජීවනෝපාය, නිෙවසක හා භූමියක හිමිකම ආදිය ද මූලික අයිතිවාසිකම් බවත් අධ්‍යාපනය නූතනයට ඔබින ලෙස වෙනස් නොවන්නේ නම් එය දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් හෙතෙම කිවේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගාල්ල ඕල්කට් මහා විද්‍යාලයට සක්වළ සුහුරු බස් රථ ලබා දීමේ වැඩසටහනේ 89 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පෙරේදා (06) එක්වෙමිනි.
මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන විට ඒවා උපහාසයට, අපහාසයට ලක් කරන බවත් බංකොලොත් රටේ මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නංවන එකත් වරදක් වී ඇති බවත් මේ විවේචකයන් දරුවන් විඳින දුක නොදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ බංකොලොත්භාවය නිසා ඇති වූ තත්ත්වයන්ට අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ දරුවන්ගේ මවුපියන් මුහුණදුන් බවත් දරුවන්ට එදිනෙදා අවශ්‍ය ආහාර දෙන්න බැරිව මොවුන් දුක් විඳින බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
සමහර පාසල්වල දරුවන් ආහාර නොමැතිව ක්ලාන්තේ දාන බවත් එවැනි තත්ත්වයක් උඩ රටේ අධ්‍යාපනය ඉහළට නැංවීමට කටයුතු කළ යුතු බවත් දරුවන් නොබෙදා කොන් නොකර කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
දරුවන් කුමන අවස්ථාවකවක් නොබෙදිය යුතු බවත් දිවා ආහාරය ලබා දීම පවා බෙදීමකින් තොරව සමස්ත දරුවන්ට ද ලබා දිය යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
මේ දරුවන් අප රටේ වර්තමානය සහ අනාගතය බැවින් ඔවුන් රැකගත යුතු බවත් ඔවුන්ට නවීන අධ්‍යාපන අවස්ථා ලබා දිය යුතු බවත් ප්‍රශ්න, ගැටලු, අභියෝග විශ්ලේෂණය කර විසදුම් සම්භාරයක් ලබා දිය හැකි සුහුරු පරපුරක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරන මුදල්වලින් ගැටලු විසඳිය නොහැකි බවත් ඒ සඳහා නව ක්‍රමවේද යොදා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවැසීය. දරුවන්ට භාෂා කුසලතාව ලබා දෙන විට අනාගතයේ රැකියා වෙළෙඳපොළට යොමුවන විට එය මහත් උපකාරයක් බවත් සෑම විටම දිගුකාලීනව සිතිය යුතු බවත් දිගුකාලීන, මධ්‍යකාලීන සහ කෙටිකාලීන ක්‍රමෝපායිකව සුහුරු ආකාරයට නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවැසීය. ප්‍රභූවරුන්ගේ පැවැත්ම තීන්දු කරන අවස්ථාවේ මංමුලා කරන උප්පරවැට්ටි දියත් කරන කුප්‍රකට ක්‍රමවේද ප්‍රතික්ෂේප කළ යුතු බවත් පෞද්ගලික පැවැත්ම වෙනුවට දැයේ දේශයේ අවශ්‍යතාව ප්‍රමුඛ කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
සක්වළ හුස්ම පටන් ගත්තේ දේශපාලන න්‍යාය පත්‍ර කේන්ද්‍ර කර ගෙන නොව සැබැවින්ම රටට අගයක් එකතු කිරීමට බවත් රටක් ලෙස අපි සැවොම එකට එක්ව කඩිසරව වැඩ කළ යුතු බවත් ජාතීන් අතර ආගම් අතර එකමුතුභාවය, මිත්‍රත්වය, සංහිඳියාව රටේ ශක්තිය පදනම් කර ගෙන ජාතික සංග්‍රාමයකට නියැළිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවැසීය.
රක්ෂණ ශ්‍රියන්ත