Home » සුක්කානම ගැලවී ගිය ලංගම බස් රිය හල්පේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී 9ක් රෝහලේ

සුක්කානම ගැලවී ගිය ලංගම බස් රිය හල්පේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී 9ක් රෝහලේ

by sachintha
July 8, 2024 1:44 am 0 comment

බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුළට පෙරළී යෑමෙන් මගීන් 9 දෙනෙකු තුවාල ලබා පෙරේදා (6) දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ පිරිස අතර කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් පස්දෙනෙකු සිටින බවත් පොලිසිය කීය.

ශ්‍රී ලංගම බණ්ඩාරවෙල ඩිපෝවට අයත් මෙම බස් රථය බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා උදෑසන ධාවනය වෙමින් තිබියදී මෙසේ අනතුරට පත්ව ඇති අතර, බස් රථය ධාවනය වෙමින් තිබියදී හදිසියේම සුක්කානම් පද්ධතිය ගැලවී ගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

අනතුරින් බස් රථයට දැඩි ලෙස අලාභහානි වී ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් පොලිසිය පැවසීය.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන, පොලිස් අධිකාරි ඩී.බී.එච්. කළණසිරි, සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.කේ.යූ.ඩබ්ලිව්. අබේගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සී. ගමගේ – සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT