Home » වසන්ත සමඟ මිය ගිය අනෙක් පුද්ගලයා හිටපු ප්‍රසිද්ධ ධර්ම කථික භික්ෂුවක්

වසන්ත සමඟ මිය ගිය අනෙක් පුද්ගලයා හිටපු ප්‍රසිද්ධ ධර්ම කථික භික්ෂුවක්

by chanaka
July 9, 2024 5:07 pm 0 comment

ඊයේ (08) උදැසන 10.00 ට පමණ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර දී වෙඩිතැබීමෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා සහ තවත් පුද්ගලයෙක් මිය ගියේය.

මෙම වෙඩිතැබීමෙන් මිය ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ බොහෝදෙනෙක් දන්නා චරිතයකි.

නමුත් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ක්ලබ් වසන්ත සමග මිය ගිය අනෙක් පුද්ගලයා කවුරුන්ද යන්න මේ වන විටත් බොහෝදෙනෙක් සොයන්නට පටන් ගෙන තිබේ.

ඊට හේතුව නම් එම මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න සඳහනක් නොමැතිවීමයි. මේ ඒ පිළිබඳ අනාවරණය වූ සටහනකි.

මොහු ගැන සඳහන් වන සියලුම තොරතුරු සමාජ මාධ්‍යයෙන් උපුටා ගැනීමක් බව සලකන්න.

උපුටා_ගැනිමකී_නිසලවිල සදහම් විහාරය මුහුණු පොතින්

උඹයි,මමයි මහණ වුණේ එක දවසේ..උපසම්පදා වුණේ එක දවසේ..උඹයි මායි එක වයසේ..උඹ සිල් රකින්න බෑ කියද්දී ,උඹව බලෙන් වාහනේ දාගෙන ගිහින් උපසම්පදාවේ වාඩි කෙරෙව්වේ මම..ඒත් උඹ බණට මට වඩා දක්ෂයි..උඹ කවියක් කියද්දී ඒ හඩට වශී නොවුනේ කවුද? උඹේ රෑපෙට වශී නොවුන කෙනෙක් ඒ දවස් වල ධර්ම ශාලාවේ හිටියේ නෑ..උඹ දවසින් දවස ජනප්‍රිය වෙද්දී බණ පොතක් කියවන්න කම්මැලි උඹට බණට යන ගමන් සූත්‍ර කියලා දුන්නේ මම..උඹ උපන්නෙම සිවුරට..උඹ ගැලපුනේම සිවුරට..ඒත් අන්තිම කාලේ උඹ දවසින් දවස වෙනස් වෙද්දී,මං උඹගේ වැරදි හදාගනින් කියද්දී උඹ මාත් එක්ක තරහා වුනා.. ජීවිතේට මෙච්චර විනාසයක් කර ගනී කියලා මම හීනෙන් වත් හිතුවේ නෑ..රටක් ලෝකයක් බණ පදෙන් සනසවපු, රටක ලෝකයක සාධු කාර මැද්දේ චිතකයක දැල්වෙන්න හිටපු උඹට බල්ලෙක් වගේ වෙඩි කාලා මැරෙන්න වුණේ මේ කාලකණ්ණි ගෑණී නිසයි..සුජීවා නුඹට මේ ශාපෙන් ගැලවෙන්න බැරි වෙයි කවදාවත්..මට උඹට නයන වාසුල කියලා පුරුදු නෑ..මට උඹ එදත් මහානාම..අදත් මහානාම..මගේ සහෝදරයා මහානාම උඹට නිවන් සුව ලැබේවා..!

මම උඹට හැමදාම ආදරේ කරපු ඤාණතුසිත..

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT