Home » දුරකතන සොරකමේ ගිය ගලේවෙල තරුණියට ලක්ෂයක ශරීර ඇප

දුරකතන සොරකමේ ගිය ගලේවෙල තරුණියට ලක්ෂයක ශරීර ඇප

by sachintha
July 10, 2024 1:05 am 0 comment

දඹුල්ල නගරයේ ජංගම දුරකතන අලෙවිසලකින් දුරකතනයක් සොරා ගත් බව කියන තරුණියක රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසත් සොරා ගන්නා ලද ජංගම දුරකතනය අයිතිකරුට මුදා හරින ලෙසත් දඹුල්ල මහේස්ත්‍රාත් සම්රුත් ජහාන් මහත්මිය නියෝග කළාය.

සමාජ මාධ්‍ය සහ ජන මාධ්‍ය හරහා පසුගියදා මවක් සහ දියණියක් ජංගම දුරකතන අලෙවිසලකින් දුරකතන සොරාගන්නා ආකාරය සහිත වීඩියෝපටයක් ප්‍රචාරය විය. ඒ අනුව ජංගම දුරකතන අලෙවිසලේ හිමිකරු දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සොරකම සිදු කළ මව සහ දියණිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව දඹුල්ල ‍ පොලිසිය ජංගම දුරකතනය සොරාගන්නා දියණිය ජංගම දුරකතනය ද සමඟින් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මෙසේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලද්දේ විදුකාර ගෙදර සමාධි දේශිකා නමැති වාගොල්ලයාය, ගලේවෙල යන ලිපිනයේ පදිංචිකාරිනියකි.

අදාළ සිද්ධියට සම්බන්ධ බව කියන මවට විරුද්ධව පැමිණිලිකරු විසින් පැමිණිලි ඉදිරිපත් නොකිරීම නිසා මව අධිකරණයට ඉදිරිපත් නොකළ බව දඹුල්ල පොලිසිය පවසයි.

දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි ජංගම දුරකතන අලෙවිසලකට මවත් දියණියත් කුඩා දරුවෙකු ද පැමිණ ඉතා සූක්ෂ්ම ලෙස එහි තබා තිබූ ජංගම දුරකතනයක් දියණිය විසින් සොරා ගන්නා ආකාරයත් එමෙන්ම තවත් ජංගම දුරකතන උපාංගයක් මව විසින් සොරා ගන්නා ආකාරයත් මෙම වෙළෙඳසලේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබී ඇත.

පසුව මෙම වෙළෙඳසලේ හිමිකරුවන් අදාළ මව සහ දියණිය සොයා දඹුල්ල නගරයේ සොයාබැලීමේදී මෙම දෙදෙනා සතුව තිබූ ජංගම දුරකතනය ලබාගෙන දඹුල්ල පොලිසියට ඉදිරිපත් කොට තිබිණි.

වෙළෙඳසල් හිමියන් විසින් ආරක්ෂිත කැමරා පද්ධතියේ සඳහන්ව තිබූ රූප රාමු පෙළ මෙන්ම මව සහ දියණිය අතරමඟදී වෙළෙඳසල් හිමියන්ට දුරකතනය ලබා දුන් ආකාරය පිළිබඳවත් වීඩියෝපටය සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණි.

මෙම ජංගම දුරකතන සොරකම පිළිබඳ නඩුව ලබන ඔක්තෝම්බර් මස 07 වැනිදාට නැවතත් විභාගයට ගන්නා බව දඹුල්ල මහේස්ත්‍රාත් සාම්රුත් ජහාන් මහත්මිය නියෝග කළාය.

 

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT