Home » දඹුලු විහාර හන්දිය එජාප කාර්යාලයේ කටවුට් විනාශ කරලා

දඹුලු විහාර හන්දිය එජාප කාර්යාලයේ කටවුට් විනාශ කරලා

by sachintha
July 10, 2024 1:06 am 0 comment

දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ කාර්යාලයට ඊයේ (09) උදෑසන දහයයි තිහට අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට තිබියදී කිසියම් පිරිසක් අලුයම් කාලයේදී කාර්යාලයේ කටවුට් බැනර් හා තොරණ කඩා විනාශ කර දමා ඇත.

දඹුල්ල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරියක වන නාලනී චන්ද්‍රලතා මහත්මිය මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියට ඊයේ පැමිණිල්ලක් ද කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතාගේ පක්ෂ මෙහෙයුම් කාර්යාලයක් ලෙස සිරිකොත පක්ෂ කාර්යාලයෙන් තමන්ට පැවරුණු වගකීමක් ඉෂ්ට කිරීමට යන අවස්ථාවේදී නාඳුනන පිරිසක් විසින් බැනර් කපා තොරණ කඩා විනාශ කොට ඇති බව ඇය පොලිසියට පවසා ඇත.

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT