අවුරුදු 19න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටස ටියර් ඒ දෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (10) සහ හෙට (11) කිරිඳිවැල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙහිදී ගාල්ල විද්‍යාලෝක විදුහල සමඟින් දෙබරවැව ජාතික පාසල තරග වදියි.
විද්‍යාලෝක විද්‍යාලය සහ දෙබරවැව ජාතික පාසල පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයන් වූ අතර, විද්‍යාලෝකය දෙවැනි වටයේදී නුගේගොඩ සාන්ත ජෝන් විදුහලත්, තෙවැනි වටයේදී කැකිරාව මධ්‍ය මහා විදුහලත් පරාජය කළ අතර, දෙබරවැව ජාතික පාසල දෙවැනි සහ තෙවැනි වලවලදී වත්තල සාන්ත ජෝසප් විදුහලත් හා බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලත් පරාජය කළේය.
විද්‍යාලෝක සහ කොච්චිකඩේ ලොයොලා අතරත්, දෙබරවැව ජාතික පාසල සහ රද්දොළුව ශ්‍රී ප්‍රඥ්ඥානන්ද මහා විදුහල අතරත් අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර, පෙර තරග වටය දක්වා වූ ප්‍රසාද ලකුණු අනුව විද්‍යාලෝක සහ දෙබරවැව ජාතික පාසල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. විද්‍යාලෝක විදුහල් පිල දසුන් චමෝද් විසින් ද දෙබරවැව ජාතික පාසල් පිල ශමිඳු ඉන්දීවර විසින් ද මෙහෙයවනු ලබති.
දෙබරවැව ජාතික පාසල් සංචිතය: ශමිඳු ඉන්දීවර (නායක), දුලාන් කුමාර, අවිඳු නිහාන්, නෙත්සර දෙව්මිණ, උමේෂ් අමයුරු, සිතික වත්සිළු, වීරසිං බස්නායකගේ සේමික, ඔදිල් මන්සිත, රිෂාන් අදීෂ, කවීෂ නෙත්රුවන්, සෙනේෂ් පැහැසර, එෂාන් මනෝහර, විහඟ සත්රු, රසිඳු නිකේෂණ, සිතුම් සංදීප, ඕෂධ ඉරේෂ්, බුද්ධිම ජය ශ්‍රී, චාමික සත්සර, නිසල් නිම්සර, ලංකේෂ් සංදීප, දිනේෂ් තුලිත (කණ්ඩායම් භාර ආචාර්ය), ගීත් සමීර (ප්‍රධාන පුහුණුකරු), සචිත්ර ලංකා හේමනායක (සහාය පුහුණුකරු).
ගාල්ල විද්‍යාලෝක සංචිතය: දසුන් චමෝද් (නායක), ප්‍රගීත් බිම්සර (උපනායක), රශ්මික ප්‍රභාත්, නිමේෂ් ආවින්ද, ලිදුල නුවංග, සෙනිරු නිඳුවර, පසන් මධුසංක, දක්ෂිණ හසරංග, තරුෂ ජයමිත්, මිතිල සත්සිඳු, සචිත්ය ඉඳුවර, ඔවිඳු අශාන්, ගජිත සහිරු, තුරුණු තේෂාන්, සදිල් සෙනුද, අභිලාෂ් අලංකාර, ලෙසඳු තෙව්නක, යසිත් දීමන්ත, දුමිඳු සත්සර, පුලිඳු නිම්නද, සුමීර සජනක, එල්.ආර්. මනතුංග (කණ්ඩායම් භාර ආචාර්ය), ටී.ටී. කාරියවසම් (පුහුණුකරු).
ඉෂානි යද්දෙහි