මාර්ග කිලෝමීටර් 1500ක් සංවර්ධනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය යටතේ කාපට් අතුරා සංවර්ධනය කෙරෙන අතුරුගිරිය පෝරේ බක්මීගහ පාරේ සිට මයිලන්ගම දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
අතුරුගිරිය නගරයේ පවතින අධික රථවාහන තදබදයට විකල්ප මාර්ගයක් ලෙස භාවිත කරන මෙම මාර්ගය ඔස්සේ දෛනිකව විශාල රථ වාහන ප්‍රමාණයක් ගමන් ගන්නා අතරම ප්‍රදේශ රැසක ජනතාව සිය ගමනාගමන අවශ්‍යතාවන් වෙනුවෙන් මෙම මාර්ගය භාවිත කරයි.
පවතින අබලන් තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට පවතින දුෂ්කරතාවය පෙන්වාදෙමින් මෙම මාර්ගය අලුත් වැඩියා කරදෙන ලෙස කඩුවෙල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම මාර්ගය කාපට් අතුරා නවීකරණය කිරීමේ කටයුතු මේ අයුරින් ආරම්භ විය.
මෙම උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
Òරට පුරා ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකට අපොස උසස් පෙළ ආර්ථික විද්‍යාව සහ වාණිජ සහ මූල්‍ය යන විෂයන් ඉගැන්වූ රටේ වාසනාවන්තම ගුරුවරයා මා බව මම සිතනවා. වත්මන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන බැංකු සභාපතිවරයා ඇතුළු බොහෝ දෙනකු මෙන්ම මෙම අවස්ථාවට සහභාගී වන ආචාර්ය මේජර් ප්‍රදීප් උදුගොඩ මහතාත්, කලක් ගුරුවරයකු ලෙස කටයුතු කළ කඩුවෙල හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මහතාත් මාගේ පුරාණ ශිෂ්‍යයින්. නමුත් විපක්ෂ නායකවරයාටත් අනුර කුමාරටත් මේ විෂය ඉගැන්වීමට මට හැකියාව ලැබුණේ නැහැ. එලෙස කිරීමට හැකියාව ලැබුණා නම් රටට මොනතරම් වාසනාවක් අත්වේදැයි මා කල්පනා කරනවා.
රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය දෙවසරක කාලය තුළ රට තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් ආරම්භ කිරීමට හෝ සිදු කිරීමට හැකියාව ලැබුණේ නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රට ලබාගත් ණය නැවත නොගෙවීම මත කිසිදු විදේශ රටක් සංවිධානයක් අපේ රටට තවදුරටත් ණය ලබාදීම අත්හිටුවා තිබුණා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තනතුරින් ඉවත්ව යන මොහොතේ කිසිවකුත් රටේ වගකීම භාර ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ බහුතර එකඟතාවයෙන් අත්දැකීම් බහුල දේශපාලන නායකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය භාරගත්තා. එහිදී ඔහු මුලින්ම සිදු කළ කාර්යය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ විස්තීරණ ණය ගිවිසුමකට එළඹීමයි. එම ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට රට යළිත් හුස්ම ගන්නා තැනකට පත්ව තිබෙනවා.
පසුගිය කාලය තුළ රට පුරා මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක් ලැබී තිබුණා. රට තුළ ඖෂධ, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර හිඟවන අවස්ථාවේ දී ඩොලර් මිලියන 310ක් නැවත භාණ්ඩාගාරයෙන් ලබා ගත්තා. ඒ හේතුවෙන් මාර්ග සංවර්ධන ව්‍යාපෘති සියල්ලක්ම නතර වුණා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ කුවේට් අරමුදල, සවුදි අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කර නැවතත් එම ණය ආධාර කොටසින් කොටස නිදහස් කර ගැනීමට කටයුතු කරමින් පවතිනවා. ඒ සමඟ අතරමග නැවතී තිබූ ව්‍යාපෘති රාශියක් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර අතුරුගිරිය දක්වා ඉදිකෙරෙන නව මාර්ග ව්‍යාපෘතිද ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා.
රටක් වශයෙන් අප මුහුණදී ඇති තත්ත්වය පිළිබඳ සත්‍යයට අප මුහුණ දිය යුතුයි. ජනතාව වශයෙන් ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබාගත යුතුයි. රටක් වශයෙන් යළි නැඟී සිටීම උදෙසා පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එක්ව මේ මොහොතේ රට වෙනුවෙන් දායකත්වය ලබා දිය යුතුයි.Ó
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් ඇතුළු නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.