Tuesday, May 13, 2025
Home » සජිත් නිවාස ණය දුන් අයගේ ලිපි­න­වත් හොයා­ගන්න නෑ

සජිත් නිවාස ණය දුන් අයගේ ලිපි­න­වත් හොයා­ගන්න නෑ

by Gayan Abeykoon
July 11, 2024 12:30 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්‍යා කරු­ණා­රත්න

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා නිවාස අමා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කළ කාල­යේදී අවි­ධි­මත් ලෙස නිවාස ණය ලබා දුන් ඇතැම් පුද්ග­ල­යන්ගේ නිවැ­රදි ලිපි­න­යක් හෝ සොයා ගැනී­ම­ට­වත් නොහැකි බව නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේම­දාස මහතා නිවාස අමා­ත්‍ය­ව­ර­යාව සිටි 2015 – 2019 වසර 05 තුළ නිවාස ලක්ෂ­ය­කට වැඩි සංඛ්‍යා­වක් මුදල් නැතිව ආරම්භ කර අත­ර­මඟ නතර කර දමා තිබූ බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය. තමන් වැඩි­පුර නිවාස හදන බව රටට පෙන්වීම සඳහා ඇස්ත­මේන්තු මුද­ලට වඩා නිවාස සංඛ්‍යා­ව­කට ගිවි­සු­ම්ගත වීම හේතු­වෙන් මෙම අර්බු­දය මතුව තිබූ බව ද ඇමැ­ති­ව­රයා කීවේය. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක නාග­රික සංව­ර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණ­තුංග මහතා මේ බව සඳ­හන් කළේ පසු­ගිය මස 20 වැනිදා විපක්ෂ නාය­ක­ව­රයා පාර්ලි­මේ­න්තු­වේදී එල්ල කළ චෝද­නා­ව­කට පිළි­තුරු ලබා දෙමිනි. අමාත්‍ය ප්‍රසන්න රණ­තුංග මහතා මෙසේ ද පැව­සීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පසු­ගිය ජූනි 20 වැනිදා විශේෂ ප්‍රකා­ශ­යක් කළා. එහිදී ඔහු චෝදනා කීප­යක් මගේ අමා­ත්‍යාං­ශ­යට සහ ආය­ත­න­ව­ලට එල්ල කළා.

එහිදී ප්‍රධාන චෝද­නා­වක් එල්ල වුණේ ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රි­යට. ඔහු කිව්වා 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පස්සේ අපේ රටේ ක්‍රියා­ත්මක වුණු නිවාස වැඩ­ස­ට­හන් කිහි­ප­යක් එක­ව­රම නතර කළා කියලා. ඔහු ඉල්ලී­මක් කළා නතර කරලා තියෙන හිඟ වාරික ගෙවන්න කියලා. ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රිය මේ සම්බ­න්ධව මට පැහැ­දිලි කිරී­මක් එවලා තියෙ­නවා. සජිත් ප්‍රේම­දාස විපක්ෂ නාය­ක­තුමා නිවාස අමා­ත්‍ය­ව­ර­යාව කට­යුතු කළ 2015 සිට 2019 දක්වා වූ කාලය තුළ ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රිය නිවාස ව්‍යාපෘති 07ක් ක්‍රියා­ත්මක කළා.

ආදර්ශ ගම්මාන, විසිරි ණය, විසිරි ණය ආධාර, වකු­ගඩු ආධාර, විරු සුමි­තුරු ආධාර, ග්‍රාම ශක්ති විසිරි ආධාර, ගංව­තුර ආධාර කියන ව්‍යාපෘති තමයි ක්‍රියා­ත්මක වුණේ. මේ ව්‍යාපෘති සම­හර ඒවා අලුත් ඒවා නෙවෙයි. ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රිය ආරම්භ කරපු දවසේ ඉඳ­ලාම ක්‍රියා­ත්මක කර­පුවා.

එතු­මාගේ කාල සීමා­වේදී පවුල් 341,510කගේ නිවාස ඉදි­කි­රී­මට සහ නිවාස අලු­ත්වැ­ඩියා කිරී­මට වැඩ ආරම්භ කරලා තියෙ­නවා. මේ සඳහා අවශ්‍ය වුණු මුදල රුපි­යල් මිලි­යන 57,428යි. නමුත් මේ සඳහා වෙන් කළ මුදල රුපි­යල් මිලි­යන 46,265යි. මේ වෙන් කළ මුදල අනුව අලු­තින් ඉදි­කළ හැකි සහ අලු­ත්වැ­ඩියා කට­යුතු සඳහා පහ­සු­කම් සැල­සිය හැකිව තිබුණේ නිවාස 237,748කට පම­ණයි. 2015-2019 කාල­යේදී නිවාස ලක්ෂ­ය­කට වැඩි ප්‍රමා­ණ­යක් මුදල් නොමැ­තිව වැඩ ආරම්භ කර තිබෙ­නවා. රජ­යෙන් වෙන් කළ මුද­ලට වඩා නිවාස හදන්න මිනි­ස්සුන්ට පොරොන්දු වෙලා කියලා. හැබැයි ඒ පොරොන්දු වෙච්ච මුදල මහා­භා­ණ්ඩා­ගා­ර­යෙන් ඔහුට ලබා ගන්න නොහැකි වීම නිසා විශාල නිවාස සංඛ්‍යා­වක් භාගෙට ඉදි­ක­රලා නව­ත්තලා තිබුණා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT