Thursday, May 15, 2025
Home » වර්ජනය තිබුනත් දුම්රිය 35ක් අද ධාවනයට

වර්ජනය තිබුනත් දුම්රිය 35ක් අද ධාවනයට

by chanaka
July 11, 2024 8:45 am 0 comment

වර්ජනය ක්‍රියාත්මක වුවත්, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය 35ක් අද (11) ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය අඟහරුවාදා (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කළේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව පෙරේදා සහ ඊයේ දිනයේ දැඩි අසීරුතාවට පත්වූ අයුරු දක්නට ලැබුණි.

දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කර ඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන බවත් සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දැනුම් දීමක් සිදු කර තිබේ.

කෙසේ වුවත් එම නිවේදනය නොතකා දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන්ගේ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT