Saturday, May 10, 2025
Home » ලක්ෂ 50 ක් වටිනා විෂ රසායකිනක තොගයක් විනාශ කිරීමට පියවර

ලක්ෂ 50 ක් වටිනා විෂ රසායකිනක තොගයක් විනාශ කිරීමට පියවර

by yasara
July 11, 2024 10:13 am 0 comment

රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 500 ක් පමණ බරැති විෂ රසායනික ද්‍රව්‍ය තොගයක් සදහා මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මඟින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත විනාශ කිරීම සදහා කටුනායක ඉන්සී එකෝ සයිකල් ආයතනය වෙත ඊයේ (10) සවස භාර දීමට කොළඹ පාරිභෝගික කටයුතු පිළිබඳ  අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබුණි.

කඩුවෙල ප්‍රදේශයේ පදිංචි  ව්‍යාපාරිකයෙකු විසින් විවෘත වෙළෙඳ පොළෙන් මිල දී ගෙන , ඔහු විසින් නිෂ්පාදන කර සහ තවත් ඇතැම් රසායනික ද්‍රව්‍ය ආනයනය කර  ඔහුගේ ව්‍යාපාරික  නාමයෙන් තොරව වෙනත් නම් වලින් ඇසුරුම් කර මෙම කල් ඉකුත් වූ  රසායනික ද්‍රව්‍ය රජයේ පාසැල් , පෞද්ගලික පාසැල්  , රජයේ විශ්ව විද්‍යාල , පෞද්ගලික විශ්ව විද්‍යාල , රසායනාගාර වෙත  අලෙවි කරමින් සිටියදී , කොළඹ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිළි මත අත් අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී ලද නියෝග මත මෙම කල් ඉකුත් වූ විෂ රසායනික ද්‍රව්‍ය තොගය මහ පොළවට හැලීමට සූදානම් වූ අවස්ථාවේ පසේ තිබෙන සාරවත් භාවයට , පී.එච්. අගයට ,බැර ලෝහ පසට එකතු වීමට ඇති අවස්ථාව , ජල මූලාශ්‍ර වෙත මෙම කල් ඉකුත් වූ විෂ රසායනික ද්‍රව්‍ය එකතු වීම , පසේ සිටිනා පෙනෙන නොපෙනෙන කුඩා ජීවීන් විනාශ වී යාමේ අවදානම සළකා බලා මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත රජයේ සහ අන්තර්ජාතික ප්‍රමිතීන්ට සහ පිරිවිතරයන්ට අනුකූලව මෙම කල් ඉකුත් වූ විෂ රසායනික ද්‍රව්‍ය තොගය විනාශ කිරීම සදහා කටුනායක ඉන්සී එකෝ සයිකල් ආයතනය වෙත ඊයේ ගෙනැවිත් භාර දීමට පියවර ගෙන තිබුණි .

ඉන්සී එකෝ සයිකල් ආයතනය මෙම විෂ රසායනික ද්‍රව්‍ය තොගය මුළින්ම ද්‍රාවණයක් බවට පත් කර පසුව ඒවා ඝන අපද්‍රව්‍ය බවට පත් කර පුත්තලම , අරුවක්කාඩුව ප්‍රදේශයේ තිබෙන සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවේ දහන උදුන වෙත යැවීමට පියවර ගන්නා බව එම ආයතනයේ  ඉංජිනේරුවරයෙකු පැවසීය .

මෙම ආයතනය විසින්  ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රාදේශීය සභා , නගර සභා වලින් මාසිකව  එකතු වන කැළි කසළ මෙට්‍රික් ටොන් 25,000 ක ප්‍රමාණය බැගින්  භාර ගෙන , පුත්තලම දහන උදුන වෙත යවා විනාශ කිරීමට පියවර ගනිමින් සිටින බව ද වැඩිදුර පැවසීය .

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT