Sunday, May 11, 2025
Home » රුවන්වැලි මහසෑය පොලිස් මුරපලේ සැරයන්ගේ මරණය ගැන පරීක්ෂණ

රුවන්වැලි මහසෑය පොලිස් මුරපලේ සැරයන්ගේ මරණය ගැන පරීක්ෂණ

by yasara
July 11, 2024 10:24 am 0 comment

අනුරාධපුර, රුවන්වැලි මහසෑය පොලිස් මුරපලේ රාජකාරි භාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන් වරයෙකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය  කියයි.

මියගොස් ඇත්තේ  උඩමළුව පොලිසියේ රුවන්වැලි මහ සෑය උප පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කළ බුලංකුලම වත්ත, අනුරාධපුර යන ලිපිනයේ ජයතිලක (55)නැමති සැරයන්වරයෙකි.

මෙම සැරයන්වරයා  රුවන්වැලි සෑය පොලිස් මුරපොලේ රාජකාරි භාරව කටයුතු කරමින් සිටි බව පොලිසිය කියයි.

අද (11) අලුයම පහට පමණ මෙම සැරයන්වරයා පොලිස් මුරපලේ ලේ විලක් මැද වැටි සිටි බව මේ පිළිබදව පරික්ෂණ පවත්වන උඩමළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වැත්තෑව මහතා පැවසිය.

දිවි නසා ගැනීමක්ද වෙඩිතැබීමක් යන්න සම්බන්ධයෙන් උඩමළුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT