195
රනාල සුදවිල බෝධියේ අත්තක් කඩා වැටීම නිසා අද (11) පෙරවරුවේ මාර්ග අංක 143 හංවැල්ල පිටකොටුව ලෝ ලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනය මුලුමනින්ම බාධා ඇතිවිය.
නවගමුව පොළිසිය මැදිහත්වී නවගමුව ප්‍රදේශයෙන් සහ වෙලේ හංදිය ප්‍රදේශයෙන් වාහන හරවා විකල්ප මාර්ග යෙදවූවද දැඩි වාහන තද බදයක් ඇති වී තිබිණි.
අත්ත වැටීමත් සමග විදුලි කණුවක් සහ ට්‍රාන්ස්ෆෝමරයක්ද අනතුරට ලක්වීමේ අවදානමක් ඇති නිසා අත්ත කපා ඉවත් කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.
මේ වන විට මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙයි