Friday, May 16, 2025
Home » ජාතික ආදායම් අඩු තත්ත්වයකදී වැඩි වැටුප් ඉල්ලා සිටීම අසාධාරණයි

ජාතික ආදායම් අඩු තත්ත්වයකදී වැඩි වැටුප් ඉල්ලා සිටීම අසාධාරණයි

මහා­චාර්ය ටියු­ඩර් වීර­සිංහ

by Gayan Abeykoon
July 11, 2024 7:25 am 0 comment

නුවන් මහේෂ් ජය­වි­ක්‍රම

ශ්‍රී ලංකාව ආර්ථික වශ­යෙන් යම් ස්ථාව­ර­ය­කට පැමි­ණෙ­මින් තිබෙන බව නොර­හ­සක්. මෙකල මුළු ලෝක­යම පාහේ ආර්ථික, සමා­ජ­යීය, දේශ­පා­ල­නික ආදී  අර්බු­ද­ව­ලට මුහුණ දෙන බවක් පෙනෙ­න්නට තිබේ. එය එසේ තිබි­යදී  දිගින් දිග­ටම මෙරට රාජ්‍ය අංශයේ විවිධ ආය­තන තනි තනිව හා එක්ව දියත් කරන වැඩවර්ජන හමුවේ මහ­ජ­න­තාව අති­ශ­යින් පීඩා­වට පත්ව සිටිති. එසේම රටක් වශ­යෙන් අපේ ඉදිරි ගම­න­ටත් මේ හරහා කොත­රම් බල­පෑ­මක් ඇති කරනු ඇති ද? ඊට පිළි­යම් මොන­වාද?  ඒ පිළි­බඳ අපි දැන් කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ශ්‍රීපාලි මණ්ඩ­පයේ මහා­චාර්ය ටියු­ඩර් වීර­සිංහ මහතා සමඟ සාකච්ඡා කරමු.

 

අපි නූත­නය ගැන විස්තර කර­මින් කතා­බහ අර­ඹමු ද?

ඒක වැද­ගත්. සෑම සිය­ව­ස­කට වරක්ම  ලෝකයේ ආර්ථික මොඩ­ලය වෙනස් වෙනවා. ලොව මූල්‍ය ඒක­ක­ව­ල­ටත් එය එසේ­මයි.  එමෙන්ම අඩ සිය­ව­ස­කට වරක් ලෝකයේ තාක්ෂණ මොඩ­ලය, එහි ව්‍යුහ­යත් වෙනස් වෙනවා. අපිත් රටක් විදි­යට ලෝකයා එක්ක සංක්‍රා­න්තික අව­ධි­යක ඉන්නා වගත් අප එය හඳුනා ගැනී­මත් වැද­ගත්. අනෙක, මේ ලොව­ටම අර්බු­ද­කාරී සම­යක්. ආර්ථික පසු­බෑම් අමෙ­රි­කාව ඇතුළු මුළු ලෝකය පුරාම දක්න­ටත් පුළු­වන්. ලෝක ආර්ථික අර්බුද, කොවිඩ් වසං­ග­ත­යෙන් ඇති කළ බල­පෑම් තවම නිරා­ක­ර­ණය වී නැහැ. විවිධ තල­ව­ලින් ඒ ගැටලු  නැවත මතු වෙමින් පව­තින්නේ. දශ­ක­යක් හෝ දෙකක් ඉදි­රි­යට එය දිවෙනු ඇති. රට රට­වල ජන ජීවි­තය එක්තරා අවුල් සහ­ගත තැන­කට ගිහින්. ව්‍යාපාර කඩා වැටීම් ආදි­යෙන් එහාට යමින් ඇතැම් රට­වල් යුද කෝලා­හ­ල­ව­ලට පැටලී ඇති බවත් හඳුනා ගත හැකියි. මේ අනුව මෙරට දෙස­ටත් හැරු‍ණොත්  තවම අපි  මුහු­ණ­දෙන ගැටලු වර්ග 3කට ගොනු කර දැක්විය හැකියි.

 ඒ මොන­වාද?

මූලි­ක­වම අපිට තවම විවිධ ජන වර්ග, ජාතීන් එකට එකතු කර ගනි­මින් සමෘ­ද්ධි­මත් රාජ්‍ය­යක් ගොඩ­නඟා ගැනීමේ නොහැ­කි­යාව පෙනෙ­න්නට තියෙ­නවා. ඒ කියන්නේ සංව­ර්ධ­නයේ ගම­නට සියලු ජන කොටස් සම්බන්ධ කර නොගැ­නී­මයි. අවු­රුදු 80ක් පමණ ආප­ස්සට හැරී බැලූ විටත් එය එසේ­මයි. අනෙක, නිද­හ­සින් පසුව අපට රටට ඕනෑ කරන සංව­ර්ධන මොඩ­ල­යක් ගොඩ­නඟා ගත නොහැකි වීමයි. සමාජ සංව­ර්ධන මොඩල දෙස බැලු­වත් සැල­කිය යුතු ප්‍රග­ති­යක් දක්නට නැහැ. ඊට බලපෑ විවිධ කරුණු හඳු­නා­ගත හැකියි. තෙවැන්න, ශ්‍රී ලාංකේය කියා අන­න්‍ය­තා­වක් තවම අපට ගොඩ­නඟා ගැනී­මට නොහැකි වීමයි.

 තව­දු­ර­ටත් විස්තර කරමු ද?

ඉතින්, මේ කරුණු 3ම ඉතා බර­ප­ත­ළයි. මෙරට සෑම ක්ෂේත්‍ර­ය­ක­ටම මේවා තදින් බල­පෑම් කර­නවා. තුන්වැනි ලෝකයේ රටක් විදි­යට ඉති­හා­සයේ බර­ප­ත­ළම ආර්ථික අර්බු­ද­යට අපි ඉකුත් වර්ෂ කිහි­ප­යේදී මුහු­ණ­දුන්නා. අන්ත­ර්ජා­තික වශ­යෙන් අප විවේ­ච­න­ය­ටත් ලක්වුණා. තව­දු­ර­ටත් විදෙස් ණය ගත නොහැකි තත්ත්ව­ය­ටත් පත්වුණා. ඒත්, මේ අද ඊයේ කළ දෙයක විපාක නෙවෙයි, ක්‍රමා­නු­කූ­ලව අපේ විදෙස් ණය ප්‍රමා­ණය වර්ධ­නය වුණා. නිද­හ­සෙන් පසුව ක්‍රමා­නු­කූ­ලව මෙරට රාජ්‍ය ආදා­යම අඩු වීමත් හේතු­වක්. රාජ්‍ය ආදා­යම සංතෘප්ත කරන රාජ්‍ය බදු ප්‍රති­ප­ත්තියේ අඩු­ලු­හු­ඬු­කම් මතු වී පෙනීමේ ප්‍රව­ණ­තා­වක් ඇති වුණා. කෙමෙන් රාජ්‍ය  බදු ආදා­යම 14% පමණ වන තෙක් පහත වැටුණා.

 එය මෙරට නූතන වැඩ වර්ජ­ක­යන්ගේ ඉල්ලීම් සම­ඟත් සම්බ­න්ධයි නේද?

ඔව්. ඒ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් සපු­ර­න්නට නම් වැට් බදු තවත් ඉහළ නැංවිය යුතුව ඇතැයි මුදල් අමා­ත්‍යංශ ප්‍රධා­නීන් ඉකුත්දා අව­ධා­ර­ණය කර තිබුණා. හැබැයි, තාත්වි­කව ගත් විට ඒ පිළි­බඳ තර්ක කිරීම අප­හ­සුයි. ඒ කොහොම වුණත් වැටුප් වැඩි කිරී­මේදී ඒවා ගෙවී­මට ආදා­යම් වැඩි විය යුතු බව කාටත් වැට­හෙන කරු­ණක්. ඊට අලු­තින් බදු පැන­විය යුතු තැනට යන්න වෙනවා නම් ඒක ගැට­ලු­කා­රියි. සමස්ත ජන ජීවි­ත­ය­ටම ඒක තදින් බල­පා­නවා. ඒ විත­රක් නෙවෙයි, එයින් සමා­ජ­යම අර්බු­ද­ය­කට යන්නත් පුළු­වන්. වැටුප් ගෙවී­මට බාහි­රින් ණයට ගන්න වෙනවා නම් එයින් ප්‍රශ්න තවත් වැඩි කෙරෙ­නවා. ඒ අනු­වත්  වැටුප් ගෙවී­මට තරම් සැබැ­වින්ම  ආදා­යම් නොමැති  තත්ත්ව­ය­කදී වැඩි වැටුප් ඉල්ලා සිටීම අසා­ධා­ර­ණයි.

අනෙක, මෙරට රාජ්‍ය සේව­ක­යන් ලක්ෂ 16ක් පමණ වෙනවා. ඒ අය නඩ­ත්තු­වට අති විශාල මුද­ලක් රජ­යට වැය වෙනවා. හැබැයි, එතැ­නදී පිළි­යම් දෙකක් වෙනවා. ඒ එකක් වෙන්නේ  ඊට වඩා අඩු රාජ්‍ය සේවක ප්‍රමා­ණ­ය­කින් ඒ කාර්ය­භා­රය කරවා ගැනී­මයි. දෙවැන්න දැනට සිටින පිරි­ස­ගෙන් සංව­ර්ධන කාර්ය­යේදී වැඩි දාය­ක­ත්ව­යක් ගැනී­මයි. එවිට රජ­යට බරක් නොවන පරිදි රාජ්‍ය සේවය පව­ත්වා­ගත හැකියි.

ඇත්තෙන්ම රාජ්‍ය සේව­ක­යන් ප්‍රමා­ණය හා සංව­ර්ධ­නය අතර ගැළ­පී­ම­කුත් අව­ශ්‍යයි.  වැරදි කළ­ම­නා­ක­ර­ණ­යත් විවිධ අව­ස්ථා­වල දේශ­පා­ලන බල­පෑම් එල්ල වීමත් නිසා මේ තත්ත්වය ඇති වෙලා.

 කාර්ය­ඵ­ලය ගැනත් කතා නොකර බැහැ?

අපේ නිෂ්පා­දන බල­වේග, එම ධාරි­තාව වර්ධ­න­යත් මෙහිදී විස­ඳු­මක්. ඒ වගේම රාජ්‍යය ගැනත් කිව­යු­තු­මයි. ඒ, මෙරට සුවි­ශා­ලම ආය­ත­න­යයි. විශා­ලම ව්‍යාපා­රි­ක­යාත් රජ­ය­මයි. සුවි­ශා­ලම කළ­ම­නා­කරු වන්නේත් රජ­ය­මයි. ඊට වඩා විශාල ආය­ත­න­යක් මෙරට හඳුනා ගැනී­මට නැහැ. එය උප­රිම කාර්ය­ක්ෂ­ම­තා­වෙන් යුතුව, උප­රිම කාර්ය­සා­ධන මට්ට­ම­කින් පවත්වා ගැනීම අත්‍ය­ව­ශ්‍යයි. එවිට රාජ්‍ය සේවය කප්පාදු කර­මින් රැකී රක්ෂා අහිමි වීමේ අව­දා­න­ම­කට පුද්ග­ල­යන් පත්ක­ර­න­වාට වඩා සාධ­නීය අයු­රින් මේ ගැට­ලු­වට පිළි­යම් යෙදිය හැකියි. එහෙත් එය එක්ව­රම කළ හැකි දෙයක් නෙවෙයි. කෙටි, මැදි හා දිගු­කා­ලීන වශ­යෙන් ඊට සැල­සුම් සහ­ග­තව කට­යුතු කළ හැකියි.

 ඒත්, අර්බුද මැද එහෙම පුළු­වන් ද?

අර්බුද ගැන කිය­නවා නම් ඕනෑම රට­කින් එය හඳුනා ගත හැකි­යිනේ. එසේම එය සංව­ර්ධ­නයේ එක්තරා අව­ස්ථා­වක්. සංව­ර්ධ­නයේ මූලික කොන්දේ­සි­යක් විදි­ය­ටත් එය පෙන්වා දෙන්න පුළු­වන්. සැබැ­වින්ම එවි­ටයි පව­තින තත්ත්ව­යෙන් එහා අලුත් තැන­කට යෑමට පෙල­ඹෙන්නේ. ශක්‍ය­තා­වන් වර්ධ­නය කර ගැනී­මට එවිට වෙහෙ­සෙ­නවා. ඒත්, නිසි කළ­ම­නා­ක­ර­ණය පිණිස කට­යුතු කරන රාජ්‍ය නිල­ධාරි පැලැ­න්ති­ය­කුත් එහිදී රට­කට අව­ශ්‍යයි.

අපි දැන් වෙන­ත­කට හැරෙමු. වැඩ වර්ජන පිටු­පස දේශ­පා­ලන හස්ත­යක් ඇතැයි කිය­නවා. ඒ පිළි­බඳ ඔබේ මතය?

ඒ තර්කය ඉදි­රි­පත් වෙනවා. ලෝක ජන­ග­හ­න­යෙන් අඩක් පමණ මැති­ව­රණ හරහා ජනතා පර­මා­ධි­ප­ත්‍යය භාවිත කිරී­ම­ටත් මෙකල පෙළඹී සිටි­නවා. ඉතින්, ඡන්ද ඉලක්ක කර ගත් වැඩ­පි­ළි­වෙ­ළත් ලෝකය පුරා  ක්‍රියා­ත්ම­කයි. එය එතෙර, මෙතෙර කියා නැහැ. මේ වෘත්තීය සමිති මඟින් දියත් කරන වර්ජන රැල්ලක්නේ, ඒ ඒ අය පෙනී සිටින දේශ­පා­ලන පක්ෂ ආදි­යත් තිබිය හැකියි. එසේම  පොදුවේ වෘත්තීය අයි­ති­වා­සි­කම් දිනා ගැනී­මට වෘත්තීය සමිති කට­යුතු කිරීම පිළි­බඳ විවේ­ච­න­යක් මට නැහැ. ඒ අයි­තිය ඔවුන්ට තිබිය යුතුයි. හැබැයි, වෘත්තීය සමිති කියන්නේ මොන­වාද කියන තැනට ගියාම අපිට මේක පැහැ­දිලි වෙනවා. සේවක ආය­තන, ශ්‍රම කොන්දේසි ආරක්ෂා කර­මින් අර­ගල කරන ආය­ත­න­යක් තමයි වෘත්තීය සමිති. ඒ වගේම ලොවම පාහේ මැති­ව­රණ සඳහා යොමු­වූ­වක් විදි­ය­ටත් මේ වසර හඳුනා ගත හැකියි. ඒ අනුව බැලු­වත් එක් දේශ­පා­ලන පක්ෂ­යක් පම­ණක් නෙවෙයි, සෑම පක්ෂ­යක්ම පාහේ දේශ­පා­ලන වාසි අපේක්ෂා කරන මේ කාල­යේදී ඒ කවු­රුත් පොදු ජන යහ­ප­තට මුල් තැන දෙන්න ඕනෑ. තුල­නා­ත්මක සහ­ජී­ව­නය අත්‍ය­වශ්‍ය වන්නේ ඒ නිසයි.  එහෙම වෙනවා නම් ජන­තාව අප­හ­සු­තා­වට, පීඩා­වට පත් කරන විදි­යට වැඩ වර්ජ­න­ව­ලට වෘත්තීය සමිති පෙල­ඹෙන්නේ නැහැ. සමාජ ස්ථර අතර වෛරී ස්වරූ­ප­යක් මේ නිසා ඇති වන්න පුළු­වන්.  යම් හෙය­කින් තව­දු­ර­ටත් මේ පිළි­බඳ නොතකා කට­යුතු කළොත් සමස්ත පද්ධ­ති­යම කඩා වැටී­මට මෙය හේතු­වක් විය හැකියි.

 රාජ්‍ය නිල­ධා­රින්ගේ ක්‍රියා­ක­ලා­පය පිළි­බ­ඳත් ජන­තාව අව­ධා­න­යෙන් නේද?

ඔව්. අපි කලි­නුත් කාර්ය­ඵ­ලය පිළි­බඳ කතා කළානේ ඒ වගේම,  මහ බැංකුවේ අත්ත­නෝ­ම­තික වැටුප් වැඩි කර ගැනීම ඊට නිද­සු­නක්. එහි­දීත් පර­ස්ප­රතා මතුවී පෙනුණා. මෙරට ආර්ථික දැඩි අර්බු­ද­ය­කින් පසුව, විරැ­කි­යාව ආදී බර­ප­තළ ගැටලු සහි­තව සිටින අව­ස්ථ­ව­කදී පොදුවේ මහ­ජ­න­තාව දුෂ්ක­රතා රැසක් සහි­ත­වයි ජීවත් වෙන්නේ. ජීවන තත්ත්වයේ පහත වැටීම් බහු­ලව තියෙ­නවා.  එහෙම වෙලා­ව­කදී රජයේ ඇතැම්  විධා­යක ශ්‍රේණි­වල වැටුප් ඉහළ නැංවීම් පොදුවේ සෙසු වැටුප් තල­ව­ලට නොගැ­ළපූ විටදී ඒ අය විරෝ­ධ­ය­පෑ­මට ඉදි­රි­පත් විය හැකියි. ඒත්, සාධා­රණ, මානු­ෂීය පැති ගැනත් අව­ධා­න­යක් ඕනෑ වග ජන­තාව අව­ධා­ර­ණය කරන කරු­ණක්. අර්බු­දයේ ගැඹුර, අසී­රු­තාව දැන සාමූ­හි­කව කට­යුතු කළ යුතු වෙනවා. ඒ මිසක අර්බු­දය තීව්‍ර කර­මින් වාසි ගැනී­මට තැත් කිරීම කිසි­වි­ටෙ­කත් අනු­මත කළ නොහැ­කියි. වෘත්තීය සමිති ක්‍රියා­මාර්ග ශිෂ්ටා­චා­රික, ප්‍රජා­තා­න්ත්‍රික සීමා තුළ ක්‍රියා­ත්මක වීම වැද­ගත්. අව­බෝ­ධය සහ සහ­යෝ­ගි­තා­වයි එහිදී පද­නම් වෙන්නේ.  ඒ වගේම රජ­යක් වුණත් මෙවැනි තත්ත්ව­ව­ලදී ඒකා­ධි­පති, මර්ද­න­කාරී තීර­ණ­ව­ලට යොමු වීමේ හැකි­යා­වක් තියෙ­නවා.

 එහෙ­ම­නම් අපිට වැද­ගත් වන්නේ කොහොම මඟක් ද?

එය තුන් ආකා­ර­ය­කින් විස්තර කළ හැකියි. එහි පළ­මු­වැන්න නම් මෙය මෙර­ටට පම­ණක් නෙවෙයි, මුළු ලෝක­යේම ආර්ථික සංව­ර්ධන මොඩල මෙකල වෙනස් වෙමින් තිබෙන බවයි. අනෙක, පෞද්ග­ලික නොවන පොදු එක­ඟ­තා­වක් මත පිහිටා කට­යුතු කළ යුතු වෙනවා. රජය ප්‍රමු­ඛ­තාව ගැනී­මත් වැද­ගත්. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ යන ගමන වුණත් ඒක­පා­ර්ශ්වික ගති­ය­කින් ඉදි­රි­යට යන්නේ. එහි­දීත් තුන් පැත්තක් කැපී පෙනෙ­නවා. එනම් ප්‍රබුද්ධ සමා­ජය, දේශ­පා­ලන තන්ත්‍රය හා පුර­වැසි සමා­ජ­යයි. මේ ස්ථම්භ 3ක්. ඒ ස්ථම්භ එකි­නෙක අතර කති­කා­ව­තක් එහිදී අත්‍ය­ව­ශ්‍යයි.

එමෙන්ම මෙරට පිහි­ටීම ගැනත් කිව­හැ­කියි. ලෝකයේ ආර්ථි­කය වසර 4000ක් විතර පෙර­දි­ගට වන්න­ටයි පැව­තුණේ. ඒත්, ඉකුත් වසර 200ක පමණ සිට එය යුරෝ­පා­ක­ර­යට මාරු­වුණා. හැබැයි, නැව­තත් 20 වැනි සිය­වසේ අග සිට එය චීනය, ඉන්දි­යාව, විය­ට්නා­මය ප්‍රමුඛ පෙර­දි­ගට එය නැවත මාරු වෙමින් තියෙ­නවා. රුසි­යා­වත් සාපේ­ක්ෂව ආර්ථික වශ­යෙන් යම් ස්ථාව­ර­යක සිටි­යදී යුරේ­සි­යානු කලා­ප­යක් විදි­යට මෙය ගොඩ නැඟෙ­නවා. ඒ අනුව අපට  අපේ  ආර්ථික, විදේශ ප්‍රති­පත්ති අනා­ගත ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනී­මට මෙහෙ­ය­විය හැකියි. එය තව­දු­ර­ටත්  අමු­ද්‍රව්‍ය සැප­යීම මත යැපෙන දෙයක් නොවිය යුතුයි. ඇත්තෙන්ම, ලෝක බැංකුව, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සිටින තැනට ඉදි­රි­යේදී ෂැංහායි සහ­යෝ­ගිතා සංවි­ධා­නය ආදිය ඉස්මතු වෙමින් පව­ති­නවා. ඉන්දි­යානු සාගර කලාප වැඩ­පි­ළි­වෙළ ආදි­යත් එක මඟක්, එක තීර­යක් සංකල්ප පෙරට එමින් තියෙ­නවා. ඒ සමඟ සහ­යෝ­ග­යෙන්, මෙර­ටත්  සාකච්ඡා මාර්ග­යෙන් අපට අති­ශ­යින් වාසි­දා­යක තීන්දු තීර­ණ­ව­ලට අදාළ ගිවි­සු­ම්ව­ලට එළැ­ඹෙ­මින් ඒ සමඟ ඉදි­රි­යට ගිය විට ලොවම එක්තරා සංක්‍රා­න්තික කාල­යක් ගත කරන අපට, කෙටි කලෙ­කින් ආර්ථික දියු­ණුව ළඟා කර ගැනීම කිසි­සේත් අප­හසු නැහැ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT