Saturday, May 10, 2025
Home » ජන­පති සට­නින් ඉවත් වන්න

ජන­පති සට­නින් ඉවත් වන්න

ආණ්ඩු පක්ෂය බයිඩ්න්ට කියයි

by Gayan Abeykoon
July 11, 2024 1:00 am 0 comment

එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ අපේ­ක්ෂ­ක­ත්ව­යෙන් ඉවත් වන ලෙස ජනා­ධි­පති ජෝ බයිඩ්න්ට ඔහුගේ ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ මන්ත්‍රී­වරු ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනා­ධි­ප­ති­ව­රයා පෞද්ග­ලි­කව මුණ ගැසුණු ඩිමො­ක්‍ර­ටික් රජයේ මන්ත්‍රී­වරු පිරි­සක් ඔහුගේ ශාරීරික හා මාන­සික සෞඛ්‍ය යහ­පත් මට්ට­මක නැති බව සඳ­හන් කර­මින් මේ ඉල්ලීම කර ඇති ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය මාස­යේදී සිය ප්‍රති­වාදී අපේ­ක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති විවා­දය අත­ර­තුර ඔහු විසින් සිදු කළ ප්‍රකාශ අති­ශ­යින්ම අවා­ස­නා­වන්ත හා කන­ගා­ටු­දා­යක තත්ත්ව­යක් පෙන්නුම් කිරී­මත්, එවැනි වැද­ගත් විවා­ද­ය­කට කිසිදු සූදා­න­ම් වී­ම­කින් තොරව පැමි­ණී­මෙන් දැඩි පසු­බෑ­ම­කට ලක් වී­මත් සැල­කි­ල්ලට ගනි­මින් මන්ත්‍රී පිරිස එම ඉල්ලීම කර තිබේ. කෙසේ වුවද ජන­පති සට­නින් ඉවත් වන ලෙස රජයේ මන්ත්‍රී­වරු පිරි­සක් ඉල්ලා සිටි­යද, එය සමස්ත ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ මතය නොවන බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. 81 හැවි­රිදි අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා මෑත කාලයේ පැවැති විවිධ උත්ස­ව­ව­ලට පෙනී සිටී­මේදී ශාරීරි­කව දැඩි දුර්වල තත්ත්ව­යක් පෙන්නුම් කර තිබූ අතර, මහලු­භා­වය හේතු­වෙන් ඔහුගේ මාන­සික තත්ත්වය ද යහ­පත් නොවන බවට අද­හස් පළ වී තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT