එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වන ලෙස ජනාධිපති ජෝ බයිඩ්න්ට ඔහුගේ ඩිමොක්රටික් පක්ෂයේ මන්ත්‍රීවරු ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරයා පෞද්ගලිකව මුණ ගැසුණු ඩිමොක්රටික් රජයේ මන්ත්‍රීවරු පිරිසක් ඔහුගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය යහපත් මට්ටමක නැති බව සඳහන් කරමින් මේ ඉල්ලීම කර ඇති ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගිය මාසයේදී සිය ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති විවාදය අතරතුර ඔහු විසින් සිදු කළ ප්‍රකාශ අතිශයින්ම අවාසනාවන්ත හා කනගාටුදායක තත්ත්වයක් පෙන්නුම් කිරීමත්, එවැනි වැදගත් විවාදයකට කිසිදු සූදානම් වීමකින් තොරව පැමිණීමෙන් දැඩි පසුබෑමකට ලක් වීමත් සැලකිල්ලට ගනිමින් මන්ත්‍රී පිරිස එම ඉල්ලීම කර තිබේ. කෙසේ වුවද ජනපති සටනින් ඉවත් වන ලෙස රජයේ මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා සිටියද, එය සමස්ත ඩිමොක්රටික් පක්ෂයේ මතය නොවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. 81 හැවිරිදි අමෙරිකානු ජනාධිපතිවරයා මෑත කාලයේ පැවැති විවිධ උත්සවවලට පෙනී සිටීමේදී ශාරීරිකව දැඩි දුර්වල තත්ත්වයක් පෙන්නුම් කර තිබූ අතර, මහලුභාවය හේතුවෙන් ඔහුගේ මානසික තත්ත්වය ද යහපත් නොවන බවට අදහස් පළ වී තිබිණි.