පේරු රාජ්‍යයේ කඳු තරණයට ගොස් අතුරුදන් වූ අමෙරිකානු ජාතිකයකුගේ මළ සිරුරක් වසර 22කට පසු හමුවීමේ විස්මයජනක පුවතක් බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එවකට 59 හැවිදි වියෙහි පසුවූ විලියම් ස්ටැම්ප්ෆ්ල් නමැති එම කඳු නඟින්නා 2002 වසරේ ජූනි මාසයේදී පේරු රාජ්‍යයේ උසම කන්ද පිහිටි හුවාස්කැරන් නමැති කඳුවැටිය තරණය කිරීමට ගිය අවස්ථාවේදී සිදුවූ ගිරිහිම නිපාතයකට හසුවීමෙන් හිම කන්දකට යටවී අතුරුදන් වී තිබිණි.
පසුගියදා එම හිම කන්ද දියවීමෙන් පසු ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට පේරු දේශයේ පොලිසිය සමත්වී ඇති අතර, ඒ වන විටත් මළ සිරුරට කිසිදු හානියක් සිදුවී නැති අතර, ඔහුගේ ඇඳුම් පැලඳුම් ඒ අයුරින්ම තිබී ඇතැයි වාර්තා වේ. එම පුද්ගලයා මීට වසර 22කට පෙර අතුරුදන් වූ අමෙරිකානු ජාතිකයා බව තහවුරු වී ඇත්තේ මළ සිරුරේ ඇඳුම් අතර තිබී හමුවූ ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී බව පේරූ පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
පේරු දේශයේ ලිමා අගනුවරට කිලෝමීටර් 435ක් දුරින් පිහිටි හුවාස්කැරන් කඳුවැටිය තරණය කිරීමට විලියම් ස්ටැම්ප්ෆ්ල් සමඟ තවත් දෙදෙනකු ගොස් ඇති අතර, ඔවුන්ගේ මළ සිරුර මෙතෙක් හමුවී නැත.