රුසියාවේ හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ බිරිය යූලියා නවල්නායා අත්අඩංගුවට ගැනීමට මොස්කව් නුවර අධිකරණයකින් වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් දැඩි විවේචනයට ලක් කිරීමේ චෝදනාවට බන්ධනාගාරගතවී සිටි විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මේ වසරේ මුල් භාගයේදී සිරමැදිරිය තුළදී හදිසි හෘදයාබාධයකට ලක් වීමෙන් ජීවිතක්ෂයට පත්වූ අතර, එම මරණයට ජනාධිපතිවරයා වග කිව යුතු බවට බිරිය යූලියා චෝදනා එල්ල කර තිබිණි. මේ වන විට විදේශ රටක ජීවත්ව සිටින විපක්ෂ නායක බිරිය අන්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධතා පවත්වන බවට චොදනා එල්ල වී ඇති අතර, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අත්‍යවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.