Tuesday, May 13, 2025
Home » රුසි­යාවේ හිටපු විපක්ෂ නායක බිරි­යට මොස්කව් අධි­ක­ර­ණ­යෙන් වරෙන්තු

රුසි­යාවේ හිටපු විපක්ෂ නායක බිරි­යට මොස්කව් අධි­ක­ර­ණ­යෙන් වරෙන්තු

by Gayan Abeykoon
July 11, 2024 12:30 am 0 comment

රුසි­යාවේ හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නවා­ල්නිගේ බිරිය යූලියා නව­ල්නායා අත්අ­ඩං­ගු­වට ගැනී­මට මොස්කව් නුවර අධි­ක­ර­ණ­ය­කින් වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් දැඩි විවේ­ච­න­යට ලක් කිරීමේ චෝද­නා­වට බන්ධ­නා­ගා­ර­ග­තවී සිටි විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මේ වසරේ මුල් භාග­යේදී සිරමැදි­රිය තුළදී හදිසි හෘද­යා­බා­ධ­ය­කට ලක් වී­මෙන් ජීවි­ත­ක්ෂ­යට පත්වූ අතර, එම මර­ණ­යට ජනා­ධි­ප­ති­ව­රයා වග කිව යුතු බවට බිරිය යූලියා චෝදනා එල්ල කර තිබිණි. මේ වන විට විදේශ රටක ජීවත්ව සිටින විපක්ෂ නායක බිරිය අන්ත­වාදී කණ්ඩා­යම් සමඟ සම්බ­න්ධතා පව­ත්වන බවට චොදනා එල්ල වී ඇති අතර, ඇය අත්අඩං­ගු­වට ගැනීම සඳහා ජාත්‍ය­න්තර අත්‍ය­වශ්‍ය පුද්ග­ල­යන්ගේ ලැයි­ස්තු­වට ඇතු­ළත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT