Sunday, May 18, 2025
Home » ජාවා­රමා මත් කරල් තොග­යක් සමඟ මන්නා­ර­මේදී අසු­වෙයි

ජාවා­රමා මත් කරල් තොග­යක් සමඟ මන්නා­ර­මේදී අසු­වෙයි

by Gayan Abeykoon
July 11, 2024 5:25 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

මත් කරල් ජාවා­රමේ යෙදී සිටි පුද්ග­ල­යකු මත් කරල් තොග­යක් සමඟ පොලිස් වි‍ශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­සක් විසින් පෙරේදා (09) මන්නා­රම පොලිස් වසමේ එරු­ක්ක­ල­න්පි­ඩ්ඩි­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­ස­කට ලද තොර­තු­රක් මත මන්නා­රම පොලිස් වසමේ එරු­ක්ක­ල­න්පි­ඩ්ඩිය, 05 කණුව ප්‍රදේ­ශයේ දී වැට­ලී­මක් කර ඇත.

එහිදී බල­ප­ත්‍ර­යක් හෝ වෛද්‍ය නිර්දේ­ශ­යක් නැතිව නීති විරෝධී ලෙස මත් කරල් 550ක් ජාවා­රම් කිරීම සඳහා සන්ත­කයේ තබා­ගෙන සිටි පේසාලේ ප්‍රදේ­ශයේ පදිංචි අවු­රුදු 28ක පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා මන්නා­රම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළ­කාය අණ­දෙන නිල­ධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි යාප­නය කලා­පය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී රෝයි සුම­න­ව­ර්ධන මහ­තාගේ මෙහෙ­ය­වීම මත සහ­කාර පොලිස් අධි­කාරී අශෝක මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් විශේෂ කාර්ය බළ­කාය මන්නා­රම කඳ­වුරේ නිල­ධා­රීන්ට ලද තොර­තු­ර­කට අනුව උප පොලිස් පරී­ක්ෂක එම්.ජී.එස්. සම­ර­සිංහ ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මේ වැට­ලීම කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT