Saturday, May 17, 2025
Home » බෝට්ටු­ව­කින් මුහු­දෙන් ගෙනා වියළි කහ කිලෝ 1373ක් සැක­ක­රු­වන් සමඟ දැලේ

බෝට්ටු­ව­කින් මුහු­දෙන් ගෙනා වියළි කහ කිලෝ 1373ක් සැක­ක­රු­වන් සමඟ දැලේ

by Gayan Abeykoon
July 11, 2024 6:26 am 0 comment

රක්ෂණ ශ්රියන්ත පුත්තලම - අතිරේක, හිරාන් ප්රියංකර

නීතී විරෝධී ලෙස මුහුදු මාර්ග­යෙන් රැගෙන ආ වියළි කහ කිලෝ­ග්‍රෑම් 1373කට අධික තොග­යක් රැගත් ඩිංගි යාත්‍රා­වක් සමඟ සැක­ක­රු­වන් දෙදෙ­නෙකු ඊයේ (10) අලු­යම් කාලයේ පුත්ත­ලම පල්ලි­ය­වා­ස­ල්පාඩු වෙරළ ප්‍රදේ­ශයේ කළ විශේෂ සෝදිසි මෙහෙ­යු­මක් මඟින් නාවික හමුදා භාර­යට ගැනී­මට කට­යුතු කර තිබේ. ඒ අනුව වයඹ නාවික විධා­න­යට අයත් ශ්‍රී ලංකා නාවික තම්බ­පණ්ණි ආය­ත­නය මඟින් පුත්ත­ලම පල්ලි­ය­වා­ස­ල්පාඩු වෙරළ ප්‍රදේ­ශයේ ඊයේ (10) අලු­යම් කාලයේ කළ මේ විශේෂ සෝදිසි මෙහෙ­යු­මේදී වෙරළ තීර­යට පැමිණි සැක­ක­ට­යුතු ඩිංගි යාත්‍රා­වක් නිරී­ක්‍ෂ­ණය කර පරී­ක්‍ෂා­වට ලක් කර තිබේ.එහිදී ඩිංගි යාත්‍රාවේ තිබී නීතී විරෝ­ධීව මුහුදු මාර්ග­යෙන් මෙර­ටට ගෙනා උර හත­ළිස් හත­රක අසු­රන ලද වියළි කහ කිලෝ 1373 ග්‍රෑම් 700ක තොග­යක් සමඟ සැක­ක­රු­වන් දෙදෙ­නෙකු සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාර­යට ගෙන ඇත.

මේ මෙහෙ­යු­මෙන් නාවික හමුදා භාර­යට ගත් සැක­ක­රු­වන් කල්පි­ටිය ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන් බවට හඳු­නා­ගෙන ඇති අතර නාවික හමුදා භාර­යට ගත් සැක­ක­රු­වන් දෙදෙනා,වියළි කහ කිලෝ 1373 ග්‍රෑම් 700ක තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීති­මය කට­යුතු සඳහා පුත්ත­ලම පොලිස් ස්ථානය වෙත භාර­දී­මට කට­යුතු කළ බව නාවික හමු­දාව පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT