Home » උසා­වි­යට අප­හාස කළැයි මෛත්‍රී­ට දඬු­වම් ඉල්ලා ගොනු කළ පෙත්සම සැප්තැ­ම්බර් 2 වැනිදා කැඳ­වයි

උසා­වි­යට අප­හාස කළැයි මෛත්‍රී­ට දඬු­වම් ඉල්ලා ගොනු කළ පෙත්සම සැප්තැ­ම්බර් 2 වැනිදා කැඳ­වයි

by Gayan Abeykoon
July 11, 2024 12:30 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති ධුරයේ කට­යුතු කිරීම වළ­ක්ව­මින් ලබාදී තිබූ නියෝ­ගය කඩ කිරීම මඟින් හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා අධි­ක­ර­ණ­යට අප­හාස කර ඇති බවට තීර­ණය කර ඔහුට දඬු­වම් පමු­ණු­වන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කරුණු තහ­වුරු කිරීම සඳහා ලබන සැප්තැ­ම්බර් මස 02 වැනිදා කැඳ­වී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (10) තීර­ණය කළේය.

අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු නිශ්ශංක බන්දුල කරු­ණා­රත්න සහ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ශෂී මහේ­න්ද්‍රන් මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මේ පෙත්සම් කැඳවූ අව­ස්ථා­වේදී මේ බව තීර­ණය කෙරිණි. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ විධා­යක සභි­ක­යකු වන මොන්ටේගු සර­ත්චන්ද්‍ර මහතා විසින් මේ පෙත්සම ගොනු කර තිබුණි. පෙත්සමේ වග­උ­ත්ත­ර­කරු ලෙස ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ හිටපු සභා­පති, හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා නම් කර සිටී.

මෛත්‍රී­පාල සිරි­සේන මහතා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කිරී­මට එරෙ­හිව තමන් කොළඹ දිසා අධි­ක­ර­ණය හමුවේ මීට පෙර නඩු­වක් ගොනු කළ බව පෙත්ස­ම්කරු සඳ­හන් කර ඇත. එම නඩුව කොළඹ දිසා විනි­සුරු සඳුන් විතාන මහතා හමුවේ සලකා බැලූ අතර එම නඩු විභා­ගය අව­සන් වන තෙක් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති ධුරය දැරීම සහ එම ධුරයේ කට­යුතු කිරී­මෙන් මෛත්‍රී­පාල සිරි­සේන මහතා වළ­ක්ව­මින් අතුරු ඉන්ජ­ක්ෂන් තහ­නම් නියෝ­ග­යක් ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා නිකුත් කරන ලද බව එහි සඳ­හන් වේ.

එසේ තිබි­යදී ඉකුත් මැයි මස 12 වැනිදා කෝට්ටේ “සෝලිස් ” ශාලා­වේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ විධා­යක කමිටු රැස්වී­මක් කැඳවා මෙහෙ­ය­වී­මට මෛත්‍රී­පාල සිරි­සේන මහතා කට­යුතු කර ඇති බව පෙත්සමේ දැක්වේ.

තමන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති ධුර­යෙන් ඉල්ලා අස්වන බවට පක්ෂයේ නියෝජ්‍ය මහ­ලේ­කම් සරත් ඒක­නා­යක මහතා වෙත ලිපි­යක් යවා ඇති බව ද එහි සඳ­හන් වේ.    අප්‍රේල් මස 24 වැනිදා අතුරු ඉන්ජ­ක්ෂන් තහ­නම් නියෝ­ග­යක් නිකුත් කර තිබි­යදී මැයි මස 12 වැනිදා තෙක් හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා එම පක්‍ෂයේ සභා­පති ධුරයේ කට­යුතු කර ඇති බව එම­ඟින් පැහැ­දිලි වන බව පෙත්ස­ම්කරු විසින් පෙන්වා දී තිබේ.    එලෙස අධි­ක­ර­ණය විසින් නිකුත් කර ඇති නියෝ­ග­යක් නොතකා හැර එම නියෝ­ගය උල්ලං­ඝ­නය කිරීම මඟින් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 105 (3 ) වගන්ති යටතේ මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ වරද සිදු­කර ඇති බවට පෙත්සම් මඟින් පැමි­ණිලි කර තිබේ.

ඒ අනුව ඒ සම්බ­න්ධ­යෙන් විභා­ග­යක් පවත්වා ඔහු වර­ද­කරු බවට තීර­ණය කර දඬු­වම් නියම කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

නීතිඥ දිනේෂ් ද සිල්වා මහ­තාගේ උප­දෙස් මත හිරන්න දමු­ණු­පොළ, චමෝදී රාජ­නෙත්ති, සඳලි පෙරේරා යන නීති­ඥ­ව­රුන් සමඟ නීතිඥ ශාන්ත ජය­ව­ර්ධන මහතා පෙත්ස­ම්කරු වෙනු­වෙන් පෙනී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT