Home » මූල්‍ය ආය­ත­න­යක සීස­ර්ව­රුන්ට එරෙ­හිව උසා­වියේ චෝදනා ගොනු කර­න්නැයි නියෝග
වෑන් රියක් නීති විරෝ­ධීව අත්පත් කර ගැනීම:

මූල්‍ය ආය­ත­න­යක සීස­ර්ව­රුන්ට එරෙ­හිව උසා­වියේ චෝදනා ගොනු කර­න්නැයි නියෝග

by Gayan Abeykoon
July 11, 2024 12:30 am 0 comment

අනු­රා­ධ­පුර - උපාලි ආනන්ද

ලීසිං වාරික නිසි ලෙස නොගෙවූ වාහන අත්පත් කර­ගත යුතු නිසි ක්‍රම­වේ­ද­යෙන් බැහැර යමින් පොලිස් නිල­ධා­රීන් ලෙස වංච­නි­කව පෙනී සිටි­මින් කුම­න්ත්‍ර­ණ­කාරි ලෙස වෑන් රථ­යක් නීති විරෝ­ධීව අත්පත් කර ගැනීමේ සිද්ධි­යට සම්බන්ධ මූල්‍ය ආය­ත­න­යක සීස­ර්ව­රුන්ට එරෙ­හිව අධි­ක­ර­ණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස අනු­රා­ධ­පුර අති­රේක මහේ­ස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවා­ව­සම් මහ­ත්මිය අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශ­යට නියෝග කළාය.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් මිහි­න්තලේ සහ කව­ර­ක්කු­ලම පොලිසි මඟින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති මුල් බී වාර්තා­වල සඳ­හන් කරුණු සහ අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය මඟින් ඉදි­රි­පත් කර ඇති වැඩි­දුර වාර්තා­වල සඳ­හන් කරුණු අතර පර­ස්ප­ර­තා­වක් පව­තින බැවින් ඒ සම්බ­න්ධ­යෙන් සවි­ස්තර වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස­ටද අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රිය අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශ­යට තව­දු­ර­ටත් නියෝග කරනු ලැබීය.

මෙසේ නියෝග කළේ ලීසිං වාරික නිසි ලෙස නොගෙවූ වාහන අත්පත් කර ගත යුතු නිසි ක්‍රම­වේ­ද­යට මුළු­ම­නින්ම බැහැ­රව යමින් සීස­ර්ව­රුන් විසින් වෑන් රථ­යක් බල­හ­ත්කා­ර­යෙන් නීති විරෝ­ධීව අත්පත් කර ගැනීමේ සිද්ධි­යට අදාළ නඩුව යළි කැඳවූ අව­ස්ථා­වේ­දීය.

වැඩි­දුර වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය සඳ­හන් කළේ අනු­රා­ධ­පුර එස්.එස්. කැබ්ස් ආය­ත­නය භාරයේ තිබූ වෑන් රථ­යක් සීස­ර්ව­රුන් විසින් බල­හ­ත්කා­ර­යෙන් ලබා­ගෙන ඇත්තේ පොලිස් නිල­ධා­රීන් ලෙස වංච­නි­කව පෙනී සිටි­මින් කුම­න්ත්‍ර­ණ­කා­රීව බවට මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­රණ වූ බවයි.

අදාළ වෑන් රථය අත්පත් කර­ගෙන ඇත්තේ නීති විරෝ­ධීව බව­ටද ස්වකීය විම­ර්ශ­න­යේදී තව­දු­ර­ටත් අනා­ව­ර­ණය වූ බවට පොලි­සිය අධි­ක­ර­ණ­යට දැන්වීය.

ලීසිං පද­නම මත තමා විසින් මිලදී ගත් වෑන් රථ­යක් ලීසිං වාරික නිසි ලෙස නොගෙවූ බවට චෝදනා කර­මින් පොලිස් නිල­ධා­රීන් ලෙස වංච­නි­කව පෙනී සිටි­මින් සීස­ර්ව­රුන් විසින් අත්පත් කර­ගත් බව පව­ස­මින් අනු­රා­ධ­පුර එස්.එස්. කැබ්ස් ආය­ත­නයේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ සුනන්ද ධර්ම­සිරි මහතා මුලින්ම පැමි­ණිලි කළේ මිහි­න්තලේ පොලි­සි­යට වන අතර මිහි­න්තලේ පොලි­සිය අදාළ විම­ර්ශ­න­යේදී තහ­වුරු කළේ අදාළ වෑන් රථය අත්පත් කර­ගෙන ඇත්තේ නීත්‍ය­නු­කූ­ලව බවය.

පසුව මිහි­න්තලේ පොලි­සියේ විම­ර්ශ­නය පිළි­බ­ඳව සෑහී­ම­කට පත් නොවූ පැමි­ණි­ලි­කාර සුනන්ද ධර්ම­සිරි මහතා මේ සම්බ­න්ධ­යෙන් වෙනත් විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස උතුරු මැද නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යා­ගෙන් කළ ඉල්ලී­ම­කට අනුව ඉදිරි විම­ර්ශන කට­යුතු මිහි­න්තලේ පොලි­සි­යෙන් ඉවත් කර කව­ර­ක්කු­ලම පොලි­සි­යට පව­රනු ලැබීය.

කව­ර­ක්කු­ලම පොලි­සිය ද සිය විම­ර්ශ­න­යේදී තහ­වුරු කළේ අදාළ වෑන් රථය අදාළ මූල්‍ය ආය­ත­නයේ සීස­ර්ව­රුන් විසින් අත්පත් කර­ගෙන ඇත්තේ නීත්‍ය­නු­කූ­ලව බව­ටය.

එකී විම­ර්ශ­නය පිළි­බ­ඳව ද සෑහී­ම­කට පත් නොවූ පැමි­ණි­ලි­කාර සුනන්ද ධර්ම­සිරි මහතා ඒ පිළි­බ­ඳව අනු­රා­ධ­පුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තිළිණ හේවා­ප­ති­රණ මහ­තාට යළි පැමි­ණිලි කළ අතර පසුව මේ සිද්ධි­යට අදාළ සියලු විම­ර්ශන ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­ක­රි­ව­ර­යාගේ නියෝග මත අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශ­යට පැව­රිණ.

පසුව අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රධ විම­ර්ශන අංශය මඟින් මේ පිළි­බ­ඳව මුල සිටම විශේෂ විම­ර්ශ­න­යක් අර­ඹනු ලැබීය. එකී විම­ර්ශ­න­යේදී කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය අනා­ව­ර­ණය කර ගනු ලැබූවේ සීස­ර්ව­රුන් වෑන් රථය අත්පත් කර­ගෙන ඇත්තේ නීති විරෝ­ධීව කුම­න්ත්‍ර­ණ­කා­රිව පොලිස් නිල­ධා­රීන් ලෙස වංච­නි­කව පෙනී සිටි­මින් බව­ටය. අන­තු­රුව ඒ බව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කෙරිණ.

සීස­ර්ව­රුන් විසින් ප්‍රශ්න­ගත වෑන් රථය අත්පත් කර­ගෙන ඇත්තේ නීත්‍ය­නු­කූ­ලව බවට මිහි­න්තලේ සහ කව­ර­ක්කු­ලම පොලි­සිය ස්වකීය විම­ර්ශ­න­ව­ලදී ප්‍රකාශ කර තිබී­මත් අදාළ වෑන් රථය අත්ප­ත්කර ගෙන ඇත්තේ සීස­ර්ව­රුන් පොලිස් නිල­ධා­රීන් ලෙස වංච­නි­කව පෙනී සිටි­මින් කුම­න්ත්‍ර­ණ­කා­රිව බවට අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය සිය විම­ර්ශ­න­යේදී තහ­වුරු කර තිබී­මත් අධි­ක­ර­ණයේ විශේෂ අව­ධා­න­යට ලක් විය.

පැමි­ණිල්ල වෙනු­වෙන් අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් පෙනී සිටි අතර අග­ති­යට පත් පර්ශ්වයේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා පෙනී සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT