Home » මුදල් වංචා චෝද­නා­වකට චීන සැක­කරු යළි රිමාන්ඩ්

මුදල් වංචා චෝද­නා­වකට චීන සැක­කරු යළි රිමාන්ඩ්

by Gayan Abeykoon
July 11, 2024 12:30 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ආයෝ­ජ­නය සඳහා යැයි පව­ස­මින් රුපි­යල් 29,700,000.00ක මුද­ලක් ලබා­ගෙන නැවත ලබා නොදී සාප­රාධී විශ්වා­සය කඩ කළ බවට බන්ධ­නා­ගා­ර­ගත කර සිටි චීන ජාති­කයා තව­දු­ර­ටත් ලබන 24 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් කෝසල සේනා­ධීර මහතා ඊයේ නියෝග කළේය.

පැමි­ණි­ලි­කාර චීන ජාතික කාන්තාව මුදල් යොමු කර ඇත්තේ වට්ස්ඇප් මඟින් බව කී රහස් පොලි­සිය විම­ර්ශන අව­සන් නැති බැවින් සැක­කරු තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස ඉල්ලා සිටි­යේය. මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ චීන ජාතික ටින් කියාන් නමැති අයෙකි.

තමන් දීර්ඝ කාල­යක් තිස්සේ මෙරට ආයෝ­ජ­නය කර­මින් සිටින බවත් 2022දී සැක­ක­රුට ආයෝ­ජන සඳහා මුදල් ලබා දුන්නද එම මුදල් ආපසු නොලැ­බුණු අතර මුදල් සම්බ­න්ධ­යෙන් යොමු කළ වට්ස්ඇප් පණි­විඩ සැක­කරු මකා දමා ඇති බවත් කිය­මින් කොළඹ 4 හි පදිංචි චීන ජාතික වෑන් ජුරොන්ග් සිදු කළ පැමි­ණි­ල්ලක් අනුව විම­ර්ශන සිදු කර ඇත.

සැක­ක­රුගේ ජංගම දුර­ක­ත­නයේ වට්ස්ඇප් පණි­වුඩ සම්බන්ධ විම­ර්ශන සිදු කර­මින් පව­තින බව රහස් පොලි­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT