Home » CIDයට එරෙහිව පියුමිගෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට පෙත්ස­මක්

CIDයට එරෙහිව පියුමිගෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට පෙත්ස­මක්

by Gayan Abeykoon
July 11, 2024 12:35 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් තමන්ට එරෙ­හිව සිදු කරන විම­ර්ශන තව­දු­ර­ටත් සිදු කිරීම වළ­ක්වන රිට් ආඥා­වක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූ­පණ ශිල්පිනී පියුමි හංස­මාලි අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට ඊයේ (10) පෙත්ස­මක් ගොනු කළාය.

පොලි­ස්ප­ති­ව­රයා, රහස් පොලි­සියේ අධ්‍ය­ක්ෂ­ව­රයා, නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ අධ්‍ය­ක්ෂ­ව­රයා සහ එම කොට්ඨා­සයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු පිරි­සක් මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ ලෙස නම් කර සිටිති. නීතිඥ සංජීව ඇන්තනී මහතා මඟින් පවරා ඇති මෙම පෙත්සම මඟින් පෙත්ස­ම්කා­රිය සඳ­හන් කරන්නේ සිය වත්කම් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් විම­ර්ශ­න­යක් සිදු කර­මින් ඒ සම්බ­න්ධ­යෙන් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇති බවය. එම විම­ර්ශන කට­යුතු නීති­යට පට­හැනි වන අයු­රින් අසා­ධා­රණ ලෙස සිදු කරන බවට පෙත්සම මඟින් පැමි­ණිලි කර ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය සිදු කරන එම විම­ර්ශන කට­යුතු වළ­ක්වන රිට්  ආඥා­වක් නිකුත් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT