Home » කටු­නා­යක ගුව­න්තොටේ දෙවැනි අදි­යරේ වැඩ ඇර­ඹී­මට බිලි­යන 170ක ‘ජයිකා’ ආධාර

කටු­නා­යක ගුව­න්තොටේ දෙවැනි අදි­යරේ වැඩ ඇර­ඹී­මට බිලි­යන 170ක ‘ජයිකා’ ආධාර

by Gayan Abeykoon
July 11, 2024 12:35 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

කටු­නා­යක ගුව­න්තො­ටු­පොළේ දෙවන පර්ය­න්තයේ ඉදි­කි­රීම් කට­යුතු ආරම්භ කිරීම සඳහා ආධාර ලබා­දී­මට ජපන් ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ඒජ­න්සිය (JICA) එක­ඟ­තාව පළ කර තිබේ.

පසු­ගිය කාල පරි­ච්ඡේ­දයේ රට තුළ ඇති වූ ආර්ථික අව­පා­තය හේතු කොට­ගෙන නවතා දැමුණු කටු­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ දෙවන පර්ය­න්තයේ ඉදි­කි­රීම් කට­යුතු නැවත ආරම්භ කිරී­මට අවශ්‍ය සහන ණය යෝජනා ක්‍රමය යළි ලබා­දී­මට ජපන් ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ඒජ­න්සිය (JICA) ආය­ත­නය එක­ඟ­තාව පළ කර ඇති බව වරාය, නාවික හා ගුව­න්සේවා ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා පව­සයි.

ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේ ජපන් ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ඒජ­න්සියේ නියෝ­ජි­ත­යන් සමඟ එම අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (10) පැවැති විශේෂ සාක­ච්ඡා­ව­ක­දීය. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් ක්‍රියා­ත්මක කරන ලද ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රන ක්‍රියා­ව­ලි­යෙන් පසු රට තුළ යළිත් ඇති වී තිබෙන ආර්ථික ස්ථාව­ර­භා­වය හේතු­වෙන් ජයිකා (JICA) ආය­ත­නය මඟින් මෙම සහන ණය වැඩ­පි­ළි­වෙළ යළි ක්‍රියා­ත්මක කිරී­මට එක­ඟ­තාව පළ කර ඇති අතර මෙම කට­යුතු සඳහා ජපන් රජයේ ප්‍රමු­ඛ­තාව ලබා­දෙන බව ද ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා සඳ­හන් කළේය.

ඒ අනුව සහන ණය වැඩ­පි­ළි­වෙළ යටතේ ඉදිරි ඉදි­කි­රීම් කට­යුතු සඳහා රුපි­යල් බිලි­යන 170ක පමණ මුද­ලක් ජයිකා (JICA) ආය­ත­නය මඟින් ලබා­දී­මට තීර­ණය කර ඇති බව ද ඇමැ­ති­ව­රයා කීවේය.

නවීන තාක්ෂ­ණය සහ පහ­සු­කම් සහි­තව ඉදි­වන මෙම දෙවන පර්ය­න්තය ඉදි­කි­රී­මෙන් අන­තු­රුව දැනට වස­ර­කට මෙහෙ­යුම් කට­යුතු සිදු­ක­රනු ලබන මිලි­යන 06ක් පමණ ගුවන් මගීන් සංඛ්‍යාව මිලි­යන 16ක් දක්වා වැඩි කිරී­මට හැකි­යාව ලැබෙන බව ද නිමල් සිරි­පාල ද සිල්වා මහතා මෙම සාක­ච්ඡා­වේදී අව­ධා­ර­ණය කළේය. මෙම සාක­ච්ඡා­වේදී ගනු ලබන තීර­ණය අනුව අදාළ ණය ගිවි­සුම් කඩි­න­මින් අත්සන් කොට ඉදි­කි­රීම් කට­යුතු සඳහා අදාළ ටෙන්ඩර් කැඳ­වීම් සැප්තැ­ම්බර් මාසය වන විට සිදු­කි­රී­මට පිය­වර ගන්නා බව ජයිකා නියෝ­ජි­ත­යන් ඇමැ­ති­ව­ර­යාට පැව­සීය.

මෙම සාක­ච්ඡා­වට අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ.ඩී.එස්. රුව­න්චන්ද්‍ර, ජයිකා (JICA) ආය­ත­නය නියෝ­ජ­නය කර­මින් ප්‍රධාන නියෝ­ජිත යමාඩා ටෙට්සුයා (Yamada Tetsuya), ගුව­න්තො­ටු­පොළ සහ ගුව­න්සේවා සමා­ගමේ සභා­පති අතුල ගල්කැ­ටිය, සිවිල් ගුව­න්සේවා අධි­කා­රියේ අධ්‍යක්ෂ  ජන­රාල් සාගර කොට­ක­දෙ­ණිය මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීහු පිරි­සක් සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT