Saturday, May 17, 2025
Home » තේ අප­න­ය­න­යෙන් මේ වසරේ ඩොලර් බිලි­යන 1.5ක ආදා­ය­මක්

තේ අප­න­ය­න­යෙන් මේ වසරේ ඩොලර් බිලි­යන 1.5ක ආදා­ය­මක්

by Gayan Abeykoon
July 11, 2024 5:44 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන
කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර මහතා තල­ව­කැලේ ශාන්ත කුම්බිස් තේ කර්මාන්ත ශාලාවේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්ව සිටි අයුරු.
කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර  මහතා තල­ව­කැලේ ශාන්ත කුම්බිස්  තේ කර්මාන්ත ශාලාවේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්ව සිටි අයුරු.

කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර මහතා තල­ව­කැලේ ශාන්ත කුම්බිස් තේ කර්මාන්ත ශාලාවේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්ව සිටි අයුරු.

මෙරට තේ අප­න­ය­න­යෙන් මෙම වර්ෂ­යේදී අමෙ­රි­කන් ඩොලර් බිලි­යන 1.5ක ආදා­ය­මක් උපයා ගැනී­මට හැකි­වනු ඇතැයි ශ්‍රී ලංකා තේ පර්යේ­ෂණ ආය­ත­නය සඳ­හන් කරයි.

පසු­ගිය වසර දෙක තුළදී ද අමෙ­රි­කන් ඩොලර් බිලි­යන 1 සිට 1.2 දක්වා වූ විදේශ විනි­මය ප්‍රමා­ණ­යක් ලබා ගැනී­මට ශ්‍රී ලංකාවේ තේ කර්මා­න්ත­යට හැකි වී තිබේ.

දැනට රට­වල් 150කට ශ්‍රී ලංකාවේ තේ අප­න­ය­නය කරනු ලබන අතර ඉන් රට­වල් 20ක්ම මහා පරි­මා­ණ­යෙන් ශ්‍රී ලංකා තේ මිල දී ගනු ලබයි. තල­ව­කැලේ තේ පර්යේ­ෂණ ආය­ත­නය මඟින් මේ වන­විට නව තේ ප්‍රභේද 70ක් හඳු­න්වාදී ඇති අතර මෙම තේ ප්‍රභේද සඳහා අන්ත­ර්ජා­ති­කව ඉහළ ඉල්ලු­මක් පව­තියි.

කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා පසු­ගි­යදා (07) ශ්‍රී ලංකා තේ පර්යේ­ෂණ ආය­ත­නයේ සහ තල­ව­කැලේ සාන්ත කුම්බ්ස් තේ කර්මාන්ත ශාලාවේ ප්‍රග­තිය සම්බ­න්ධව පව­ත්වනු ලැබූ සමා­ලෝ­චන රැස්වී­මේදී මේ කරුණු අනා­ව­ර­ණය විය.

2021 රසා­ය­නික පොහොර තහ­නම මෙරට තේ වගා­වට ද බල­පෑම් එල්ල කර තිබූ අතර මේ නිසා 2022, 2023 වර්ෂ­ව­ලදී තේ වගාව සඳහා පොහොර යෙදීම අඩු වී තිබිණි. මේ නිසා තේ වගාවේ අස්වැන්නේ ද යම් අඩු­වී­මක් සිදු විය. නමුත් මෙම වර්ෂයේ සිට රජ­යට අයත් පොහොර සමා­ගම් දෙක මඟින් තේ සඳහා පොහොර සහන මිල­කට ලබා දීමට කට­යුතු කරනු ලැබීය. වෙළෙ­ඳ­පොළේ රුපි­යල් 14,000ක් පමණ වන තේ පොහොර වර්ග තුනක් කිලෝ­ග්‍රෑම් 50ක මිටි­යක් රුපි­යල් 5500 සිට රුපි­යල් 7500 දක්වා මිල­කට ලබා­දී­මට පිය­වර ගත්තේය. මෙම සහ­නා­ධා­රය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩ­ලයේ මුද­ල්ව­ලින් රුපි­යල් මිලි­යන 1200ක මුද­ලක් වෙන් කර තිබේ. මේ වන විට අදි­යර තුනක් යටතේ තේ වගාව සඳහා පොහොර යෙදීම ආරම්භ කර ඇත. පළමු අදි­යර යටතේ තේ පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් බෙදා දීමට නිය­මිත අතර මේ වන විටත් ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් බෙදා­හැ­රීම අව­සන් කර ඇත. තේ වගාව සඳහා පොහොර යෙදීම මෙන්ම පුර­ප්පාඩු ස්ථාන­වල පැළ රෝප­ණය මඟින් ඉදිරි වර්ෂය තුළ තේ වගාවේ ඉහළ අස්වැ­න්නක් ලබා ගැනී­මට හැකි­වනු ඇතැයි මෙම සාක­ච්ඡා­වට එක්වූ නිල­ධා­රීහු සඳ­හන් කළහ.

මෙම සාක­ච්ඡා­වේදී අද­හස් පළ කළ කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා අව­ධා­ර­ණය කළේ මෙරට තේ කර්මා­න්තයේ සංව­ර්ධ­නය සඳහා දැනට වගා කර තිබෙන ඉඩම් ප්‍රමා­ණ­වත් වන අතර තව­දු­ර­ටත් අලුත් ඉඩම් තේ වගාව සඳහා යොදා නොගන්නා බවයි. ඒ වෙනුව‌ට දැනට තේ වගා කර ඇති ඉඩ­ම්ව­ලින් ඉහ­ළම අස්වැ­න්නක් ලබා­ගත හැකි වන පරිදි තේ වගා­වන්ට පොහොර යෙදීම, පුර­ප්පාඩු පැළ රෝප­ණය, අධි ඝනත්ව වගා ක්‍රමය හඳුන්වා දීම මෙන්ම අගය එකතු කළ නිෂ්පා­දන වශ­යෙන් තේ ආශ්‍රිත නිෂ්පා­දන ඉහළ නැංවීම සඳහා ද තේ පර්යේ­ෂණ ආය­ත­නය මඟින් කට­යුතු යොදන ලෙස ද අමා­ත්‍ය­ව­රයා මෙහිදී උප­දෙස් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT