Home » අමාත්‍ය මණ්ඩල තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ

by Gayan Abeykoon
July 11, 2024 7:00 am 0 comment

නුවන් කොඩි­කාර

හිංස­නය පිටු­දැ­කීම සඳහා වූ බහු ආංශික ජාතික ක්‍රියා­කාරි සැලැ­ස්මට අනු­මැ­තිය

අදාළ සියලු පාර්ශ්ව­කාර ආය­ත­න­වල අද­හස් විම­ස­මින් සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමා­ජ­භා­වය පද­නම් කර­ගත් හිංස­නය පිටු­දැ­කීම සඳහා වූ බහු­ආං­ශික ජාතික ක්‍රියා­කාරි සැලැස්ම II (2024-2028) ක්‍රියා­ත්මක කිරී­මට කාන්තා, ළමා කට­යුතු හා සමාජ සවි­බ­ල­ගැ­න්වීම් ඇමැති ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

හරිත හයි­ඩ්‍ර­ජන්/ ඇමෝ­නියා නිෂ්පා­ද­න ආයෝ­ජන යෝජනා

හරිත හයි­ඩ්‍ර­ජන්/ ඇමෝ­නියා නිෂ්පා­ද­නය සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් වන පෞද්ග­ලික අංශයේ ආයෝ­ජන යෝජනා ඇග­යී­මට ලක් කර අමාත්‍ය මණ්ඩ­ලය වෙත නිර්දේශ ඉදි­රි­පත් කිරී­මට අදාළ ආය­ත­න­වල නියෝ­ජ­න­ය­න්ගෙන් සම­න්විත ව්‍යාපෘති කමි­ටු­වක් පත් කිරී­මට ආයෝ­ජන ප්‍රව­ර්ධන ඇමැති ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

මුදල් හෝ වටි­නා­කම් පැව­රීම් සේවා සප­ය­න්නන් සඳහා නියෝග

2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 11 වැනි වග­න්තිය සමඟ කිය­විය යුතු එකී පනතේ 17 වැනි වග­න්තිය යටතේ 2024 අංක 1 දරන මුදල් හෝ වටි­නා­කම් පැව­රීම් සේවා සප­ය­න්නන් සඳහා වන නියෝග අනු­මැ­තිය සඳහා පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායී­ක­රණ සහ ජාතික ප්‍රති­පත්ති ඇමැති ලෙස ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

සමා­ගම් කිහි­ප­ය­කට වරාය නගර නිද­හස් කිරීම් සහ දිරි­ගැ­න්වීම්

කොළඹ වරාය නග­රය ආර්ථික කොමි­ෂන් සභාව පනතේ විධි­වි­ධාන යටතේ ක්‍රමෝ­පාය වැද­ග­ත්ක­මක් ඇති ව්‍යාපාර ලෙස Horizon Group USA Global LLC, Satguru Travel and Tourism LLC, Pagero Lanka Software Engineering (Pvt) Ltd., KPMG Professional Services (Private) Ltd, Hexaware Technologies SL (Pvt) Ltd., Creative Software (Pvt) Ltd., Remediumone Global (Pvt) Ltd., GTN Group Holding Limited, IPD Colombo (Pvt) Ltd., Bistec Solutions (Pvt) Ltd., Port City Duty Free (Pvt) Ltd., China Duty Free Lanka (Pvt) Ltd., ODF Pte Ltd. නම් කිරී­ම­ටත්, එම පනතේ II වැනි උප­ලේ­ඛ­නය යටතේ දක්වා ඇති පන­ත්ව­ලින් යෝජිත නිද­හස් කිරීම් සහ දිරි­ගැ­න්වීම් එකී ව්‍යාපාර වෙත ප්‍රදා­නය කිරී­ම­ටත්, ඒ සඳහා වන නිය­ම­යන් රජයේ ගැසට් පත්‍රයේ පළ කරන නිවේ­දන මඟින් ප්‍රකා­ශ­යට පත් කිරී­ම­ටත් ආයෝ­ජන ප්‍රව­ර්ධන ඇමැති ලෙස ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළි­බඳ වාර්තාව

වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළි­බඳ වාර්තාව පාර්ලි­මේ­න්තුවේ සභා­ගත කිරී­මට මුදල්, ආර්ථික ස්ථායී­ක­රණ සහ ජාතික ප්‍රති­පත්ති ඇමැති ලෙස ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

වතු­කර නිවාස – ලයින් කාමර ඒකා­බද්ධ කර ගම්මාන කිරීම

වතු­කර නිවාස සහ ලයින් කාමර ඒකා­බද්ධ කර ගම්මාන බවට පත් කිරී­මට නව නීති­යක් හඳුන්වා දීම සඳහා පනත් කෙටු­ම්ප­තක් සකස් කරන ලෙස නීති කෙටු­ම්පත් සම්පා­ද­කට උප­දෙස් දීමට ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

වතු­ක­රයේ පාස­ල්ව­ලට ගුරු පුහුණු වැඩ­ස­ට­හනක්

වතු­ක­රයේ පාස­ල්වල සුදු­සු­කම් ලත් විද්‍යාව, තාක්ෂ­ණය, ඉංජි­නේරු විද්‍යාව සහ ගණි­තය (STEM) ගුරු­ව­රුන්ගේ බර­ප­තළ හිඟය පිය­වීම සඳහා ‘විද්‍යා වර්ධන/ අරි­වෙ­ලුච්චි/ STEM සවි­බල ගැන්වීමේ’ ගුරු පුහුණු වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මට අධ්‍යා­පන ඇමැති සුසිල් ප්‍රේම­ජ­යන්ත, ජල­ස­ම්පා­දන සහ වතු යටි­තල පහ­සු­කම් සංව­ර්ධන ඇමැති ජීවන් තොණ්ඩ­මන් මහ­ත්ව­රුන් ඉදි­රි­පත් කළ ඒකා­බද්ධ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

 

 

කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ නව සීමා­මා­ල­කය

මහා විහා­ර­වං­ශික ශ්‍යාමෝ­පාලී මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභා­වට අයත් වෙන්න­වත්ත ශ්‍රී කල්‍යා­ණ­වං­ශි­කා­රාම විහා­ර­ස්ථාන භූමි­යෙහි ස්ථිර උපෝ­ස­ථා­ගා­ර­යක් ගොඩ­නැං­වීම සම්බ­න්ධ­යෙන් අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා ඉදි­රි­පත් කළ යෝජ­නාව සැල­කි­ල්ලට ගෙන වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ නිර්දේශ හා උප­දෙස් මත යෝජිත සීමා­මා­ලක ගොඩ­නැ­ඟිල්ල ඉදි කිරී­මට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

බර්ලින් බෞද්ධ මධ්‍ය­ස්ථා­නයේ සිය­වස් සමරු මුද්ද­රය හා කෘතිය

ජර්ම­නියේ බර්ලින් බෞද්ධ මධ්‍ය­ස්ථාන ශත සංව­ත්සර උලෙ­ළට සම­ගා­මිව කොළඹ පැවැ­ත්වෙන වැඩ­ස­ට­හන යටතේ Das Buddhistische Haus (1924-2024) කෘතිය එළි­දැ­ක්වී­මට හා ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව මඟින් සමරු මුද්ද­ර­යක් නිකුත් කිරීම සඳහා අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

රාජ­ගි­රියේ ජල රක්ෂිත ඉඩම් කොට­සක් නාග­රික උය­නක් ලෙස සංව­ර්ධ­නයට

රාජ­ගි­රිය, බුත්ග­මුව පාරට යාබ­දව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොට­සක් ආදා­යම් උත්පා­දන මාර්ග සහි­තව පෞද්ග­ලික අංශයේ දාය­ක­ත්ව­යද ගනි­මින් නාග­රික උද්‍යා­න­යක් ලෙස සංව­ර්ධ­නය කිරීම පිණිස යෝජනා කැඳ­වීම සඳහා නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වය අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

එක්ස්පෝ ප්‍රොපර්ටි ඩිවෙ­ලො­පර්ස් හට කොල්ලු­පි­ටියේ ඉඩ­මක් බදු දීම

රජයේ තක්සේ­රු­ක­රුගේ වර්ත­මාන තක්සේ­රුව මත පද­නම්ව කොල්ලු­පි­ටිය, මුහුදු මාවත ප්‍රදේ­ශයේ පිහිටි නාග­රික සංව­ර්ධන අධි­කා­රිය සතු පර්චස් 40ක ඉඩම් කොට­සක් ඇතුළු පර්චස් 52ක ඉඩම් කොටස වසර 99 බදු පද­නම මත එක්ස්පෝ ප්‍රොපර්ටි ඩිවෙ­ලො­පර්ස් (පෞද්ග­ලික) සමා­ග­මට පවරා දීමට නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

පිළිකා සත්කා­රක සේවා යන්ත්‍ර අලු­ත්වැ­ඩි­යාව හා නව යන්ත්‍ර ගැනීම

මහ­නු­වර, කරා­පි­ටිය, යාප­නය සහ මඩ­ක­ල­පුව රෝහ­ල්ව­ලට සපයා ඇති, පිළිකා සත්කා­රක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වර­ණ­කා­රක යන්ත්‍ර වැඩි­දි­යුණු කිරී­ම­ටත්, රත්න­පුර, බදුල්ල, හම්බ­න්තොට, අනු­රා­ධ­පුර සහ කුරු­ණෑ­ගල රෝහල් සඳහා නවී­න­තම වර්ගයේ විකි­රණ චිකි­ත්සක උප­ක­රණ ප්‍රමු­ඛතා පද­නම මත 2024-2026 මධ්‍ය­කා­ලීන අය­වැය රාමුව තුළ සප­යා­ගැ­නී­ම­ටත් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

සංස්ථා­පිත හා ලියා­ප­දිංචි සමා­ගම් යළි ලියා­ප­දිංචි කිරී­මට නව නීති

සමා­ගම් පනත යටතේ සංස්ථා­ප­නය කරන ලද හෝ ලියා­ප­දිංචි කරන ලද සමා­ගම් නැවත ලියා­ප­දිංචි කිරී­මට විධි­වි­ධාන සැල­සීම සඳහා නව නීති­යක් හඳුන්වා දීම­ටත්, ඒ සඳහා සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රි­කාව මත පද­නම්ව පනත් කෙටු­ම්ප­තක් සකස් කරන ලෙස නීති කෙටු­ම්පත් සම්පා­ද­කට උප­දෙස් දීම­ටත් කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

නව ‘සිසු­සැ­රිය’ සේවා 500ක් ඇර­ඹී­මට ප්‍රති­පා­දන

2024 වර්ෂය තුළ නව සිසු­සැ­රිය සේවා 500ක් ආරම්භ කිරී­මට අවශ්‍ය රුපි­යල් කෝටි 20ක (රු. මිලි­යන 202ක්) ප්‍රති­පා­දන ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව විසින් උප­යා­ගනු ලබන අර­මු­ද­ලින් වෙන් කර­ගැ­නී­මට ප්‍රවා­හන හා මහා­මාර්ග ඇමැති, කැබි­නට් ප්‍රකා­ශක ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

වතු පාසල් සඳහා ඉන්දීය ආධාර  යටතේ සුහුරු පන්ති කාමර 60ක්

ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ නුව­ර­එ­ළිය, මහ­නු­වර හා බදුල්ල දිස්ත්‍රි­ක්වල තෝරා­ගත් වතු ආශ්‍රිත පාස­ල්වල උසස් පෙළ පන්ති සඳහා සුහුරු පන්ති කාමර 60ක් පිරි­නැ­මීමේ ව්‍යාපෘ­ති­යට අදාළ අව­බෝ­ධතා ගිවි­සුම සංශෝ­ධ­නය කර­මින් එම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරී­මට අදා­ළව පිය­වර ගනු ලබන බවට ජල­ස­ම්පා­දන සහ වතු යටි­තල පහ­සු­කම් සංව­ර්ධන ජීවන් තොණ්ඩ­මන් මහතා ඉදි­රි­පත් කළ තොර­තුරු අමාත්‍ය මණ්ඩ­ලය විසින් සැල­කි­ල්ලට ගන්නා ලදි.

 

 

කුලී නිවැසි – ගෙවල් හිමි සම අයි­ති­වා­සි­කම් රකින පනතක්

කුලී නිවැ­සි­යාගේ සහ ගෙවල් හිමි­යාගේ අයි­ති­වා­සි­කම් සමා­නව ආරක්ෂා කිරී­මට සකස් කළ පනත් කෙටු­ම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරී­ම­ටත්, ඉන් අන­තු­රුව අනු­මැ­තිය පිණිස පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­ම­ටත් අධි­ක­රණ බන්ධ­නා­ගාර කට­යුතු හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ ඇමැති ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

 

රුමේ­නි­යාව සමඟ සංස්කෘ­තික සහ­යෝ­ගිතා අව­බෝ­ධතා ගිවි­සුම

විදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා විසින් ඉදි­රි­යේදී සිදු කිරී­මට නිය­මිත රුමේ­නි­යාවේ නිල සංචා­ර­යේදී දෙරට අතර සංස්කෘ­තික සහ­යෝ­ගිතා ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරීම සම්බන්ධ අව­බෝ­ධතා ගිවි­සු­මට අත්සන් තැබී­මට වැඩ­බ­ලන විදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා විසින් ඉදි­රි­පත් කරන ලද යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

 

වතු කම්ක­රු­වන්ට නිසි වැටුප නොගෙ­වන සමා­ග­ම්ව­ලට පිය­වර

හැකි­යාව තිබි­ය­දීත් සිය වතු කම්ක­රු­වන් වෙත නිය­මිත වැටුප නොගෙ­වන ප්‍රාදේ­ශීය වැවිලි සමා­ගම් සමඟ රජය එළඹ ඇති ඉඩම් බදු ගිවි­සුම් අව­ලංගු කිරී­මට අවශ්‍ය නීති පැන­වීමේ ක්‍රියා­ව­ලිය කඩි­නම් කිරීම අමාත්‍ය මණ්ඩල රැස්වී­මේදී තීර­ණය කරන ලදි.

 

පාසල්-රෝහ­ල්වල අනී­තික ක්‍රියා වැළැ­ක්වී­මට නව නීති

පාස­ල්වල ඉගැ­න්වීමේ කට­යුතු සහ රෝහ­ල්වල සුව සේවා අඩ­පණ වන අයු­රින් ඇතැම් කණ්ඩා­යම් සිදු කරන අනී­තික ක්‍රියා මඟින් සිදු කරනු ලබන අසා­ධා­ර­ණ­යන් වැළැ­ක්වී­මට නව නීති හඳුන්වා දීමට අවශ්‍ය පිය­වර ගැනී­මට අමාත්‍ය මණ්ඩල රැස්වී­මේදී තීර­ණය කරන ලදි.

 

 

 

 

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT