222
දුම්රිය වර්ජන හමුවේ පවා ඊයේ (10) සවස කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රියක අධික මගී තදබදයක් සමඟ එල්ලී ගමන් කළ මගියකු බෙම්මුල්ලේදී දුම්රියෙන් ඇදවැටී මියගොස් ඇත. පාපුවරුවේ ගමන් කරමින් සිටි මෙම මගියා බෙම්මුල්ල දුම්රිය ස්ථානයේ වේදිකාවේ ගැටී මෙම අනතුර සිදුවූ බව ඇසුන් දුටු අය සඳහන් කළහ. දුම්රියේ ගැටුණු පුද්ගලයාගේ අනන්‍යතාව ඊයේ රාත්‍රියේ පත්‍රය මුද්‍රණයට යන විටත් හඳුනාගෙන නොතිබිණි.