Sunday, May 11, 2025
Home » වර්ජ­නය නොක­ළ ගුරුවරුන්ට දැනෙන වැටුප් වර්ධකයක්

වර්ජ­නය නොක­ළ ගුරුවරුන්ට දැනෙන වැටුප් වර්ධකයක්

by Gayan Abeykoon
July 11, 2024 12:43 am 0 comment

වැඩ­ව­ර්ජ­නය නොකළ පළමු ශ්‍රේණියේ ගුරු­ව­ර­ය­කුගේ වැටුප රජය ඊයේ (10) ලබා­දුන් වැටුප් වර්ධ­කය නිසා රුපි­යල් 1630කින් ද  දෙවැනි ශ්‍රේණියේ පළමු පන්තියේ ගුරු­ව­ර­ය­කුගේ වැටුප රුපි­යල් 1335කින් ද 3 වැනි ශ්‍රේණියේ ගුරු­ව­ර­ය­කුගේ වැටුප රුපි­යල් 525කින් ඉහළ ගොස් ඇතැයි කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැවැ­සීය.

ගුරු-විදු­හ­ල්ප­ති­ව­රුන් එක්ව ආරම්භ කළ වර්ජ­න­යට සහ­භාගි නොවී ඉගැ­න්වීම් කට­යු­තු­වල නිරත වූ ගුරු­ව­රුන්ට මෙම වැටුප් වර්ධ­කය ලබා­දී­මට කැබි­නට් අනු­මැ­තිය හිමි වූ බව ද ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැවැ­සීය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (10) පැවැති කැබි­නට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු­වේදී ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

විශ්‍රාම වැටු­පට බල­නො­පාන ආකා­ර­යට වැටුප් වර්ධක ලබා­දී­මට කට­යුතු කරන බව හෙතෙම කීවේය.

ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැවැ­සීය.

රාජ්‍ය අංශයේ අනෙ­කුත් සුළු සේව­ක­යන්ට හා වැඩ කළ සියලු දෙනාට වැටුප් වර්ධ­ක­යක් ලැබෙ­නවා. අධ්‍යා­ප­නය, සෞඛ්‍ය හා ප්‍රවා­හ­නය වැනි අත්‍ය­වශ්‍ය සේවා කඩා­ක­ප්පල් කිරීමේ උත්සා­හය නතර කිරීම සඳහා නීති­මය වශ­යෙන් මේ කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා නතර කරන්න අවශ්‍ය කරුණු අධ්‍ය­ය­නය කරන්න කියලා ජනා­ධි­ප­ති­ව­රයා විසින් විජ­ය­දාස රාජ­පක්ෂ ඇමැ­ති­ව­ර­යට අනු­මැ­තිය දුන්නා. ජන ජීවි­ත­යට අත්‍ය­වශ්‍ය සේවා­වන් කඩා­ක­ප්පල් කිරීම වැළැ­ක්වීම සඳහා රජ­ය­කට මැදි­හ­ත්වීම පිළි­බඳ නීති­පති උප­දෙස් ලැබිලා තිබෙ­නවා. අනා­ග­ත­යේදී මේ රටේ ජන­තා­වට බියෙන් හා සැකෙන් තොරව තමන්ගේ ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම­ටත් ඔවුන්ගේ දරු­වන්ගේ අධ්‍යා­ප­නය කඩා­ක­ප්පල් වීම වැළැ­ක්වී­මත් රෝගීන්ට ඇති වන පීඩාව වැළැ­ක්වීම සඳහා යම්කිසි පිළි­ස­ර­ණක් ලබා­දීම සඳහා රජයේ අව­ධා­නය යොමුව තිබෙ­නවා. පසු­ගිය දශක හත­රක කාලය තුළ ආණ්ඩු­වක් එදි­නෙදා පව­ත්වා­ගෙන යෑමේ විය­දම් දැරී­මට ප්‍රමා­ණ­වත් ආදා­ය­මක්, බදු පන­වලා හා බදු නොවන මාර්ග­ව­ලින් උපයා ගන්න අපො­හො­සත් වෙලා තිබෙ­නවා. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ විශ්‍රාම වැටුප්, සමෘ­ද්ධිය, අස්වැ­සුම ඇතුළු ජීවත් වීම සඳහා ජීව­ත්වීමේ අර­ග­ල­යක යෙදෙන මිනි­ස්සුන්ට ගෙවන ආධාර සඳහා ප්‍රමා­ණ­වත් ආදා­ය­මක් තිබුණේ නැහැ. ඒ සඳහා ලබා­ගත් ණය­ව­ලට ගෙවන පොලී කියන විය­දම කුමන ආණ්ඩු­වක් ආවත් දරන්න වෙනවා. කාගේ ආණ්ඩු­වක් තිබු­ණත් 10 වැනි­දට විශ්‍රා­මික වැටුප් ගෙවන්න වෙනවා. මාසේ අන්තිම වෙන­කොට වැටුප් ගෙවන්න වෙනවා.

කාගෙ­වත් පෞද්ග­ලික මුද­ල­කින් ගෙවන එකක් නෙවෙයි. ජනා­ධි­ප­ති­ව­රයා මුදල් විෂය භාර ඇමැ­ති­ව­රයා ලෙස එතු­මගේ පෞද්ග­ලික බැංකු ගිණු­මෙන් හිත­න්න­වත් බැහැ. අප කාට­වත් පෞද්ග­ලික ගිණු­ම­කින් ගෙවන්න බැහැ. ජන­තාව ගෙවන මුද­ල්ව­ලින් තමයි වැටුප් ගෙවන්නේ. ගිය වසරේ පුන­රා­ව­ර්තන විය­දම් සඳහා ට්‍රිලි­යන 4.7ක් විය­දම් වෙලා තියෙ­නවා. මහ­ජ­න­තාව වෙත විශාල පීඩ­න­යක් පට­වලා ලබා­ගෙන තිබෙන බදු හා බදු නොවන ආදා­යම ට්‍රිලි­යන 3යි. භාණ්ඩා­ගා­ර­යට 3ක් ලැබිලා එයින් 4.7ක් ගෙවන් සිද්ධ වෙන­කොට 1.7ක් දින­පතා භාණ්ඩා­ගාර බිල්පත් වෙන්දේසී කරලා ගන්න ණය­ව­ලින් තමයි ගෙවලා තියෙන්නේ. ඉබ්බ­න්ගෙන් කොත­රම් පිහාටු ඉල්ලු­වත් කොහො­මද පිහාටු දෙන්නේ නෑ. භාණ්ඩා­ගා­ර­යට මුදල් නැත්නම් කොත­රම් වැඩ­ව­ර්ජන කරත් දෙන්න විදි­හක් නැහැ. මේ වර්ජන මෙහෙ­ය­වන අය කිය­නව නම් මාස කිහි­ප­ය­කින් බල­යට එනව නම්, ඒ ආවම වැටුප් වැඩි කරන්න මුදල් කොහෙන්ද කියන එක ජන­තා­වට කිය යුතුයි. නියත වශ­යෙන්ම තව මාස තුන­කින් බල­යට එනවා කියලා. එහෙම නම් නිහ­ඬව ඉඳලා වැටුප් වැඩි කරල දෙන්න පුළු­වන්නේ. මෙය තනි­ක­රම කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා­වක්. එය තමයි කර­මින් ඉන්නේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT