Friday, May 16, 2025
Home » “ ඩාලි “ගේ සහයෙන් බේරුවල වරායේ මත්ද්‍රව්‍ය සොයයි

“ ඩාලි “ගේ සහයෙන් බේරුවල වරායේ මත්ද්‍රව්‍ය සොයයි

by yasara
July 11, 2024 11:04 am 0 comment

යුක්තිය මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පරීක්ෂාවක් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය මගින් බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී සිදු කර තිබෙයි.

කළුතර පොලිස් විද්‍යාලයේ “ඩාලි ” නිළ සුනඛයාගේ සහය ලබා ගනිමින් පොලිස් නිලධාරීන් ධීවර යාත්‍රා පරීක්ෂා කර ඇත.

කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර ,සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ සහ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ද පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන්ද මෙම මෙහෙයුමට එක් වී තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT