Friday, May 16, 2025
Home » පොල් වගාවේ සුදු මැස්සාගේ හානියට නවතම සොයා ගැනීමක්

පොල් වගාවේ සුදු මැස්සාගේ හානියට නවතම සොයා ගැනීමක්

by yasara
July 11, 2024 11:22 am 0 comment

පොල් වගාවේ සීඝ්‍රයෙන් පැතිර යන සුදු මැස්සා උවදුරට පිළියමක් ලෙස පරපෝෂිතයකු හඳුන්වාදීම අද (11) අනුරාධපුරයේදී සිදු විය.

ගන්නොරුව පැලෑටි සංරක්ෂණ සේවය විසින්  පර්යේෂණ ගණනාවකින් පසුව සොයාගනු ලැබූ  ” එන්කාසියා ෆෝමෝසා “නමින් හදුන්වන  කුඩා කෘමියකු වන මෙම පරපෝෂිතයා සුහුඹු අවස්ථාවේදී හා කෝෂ අවස්ථාවේදී  සුදු මැස්සා උවදුරට ලක් වූ පොල් ගසෙහි මුදුනෙහි රඳවනයක් ලෙස තැන්පත් කිරීමෙන් මෙම පරපෝෂිතයා ව්‍යාප්ත වන අතර පසුව එම පරිපෝෂිතයා විසින් සුදු මැස්සාගේ බිත්තර විනාශ කිරීම සිදු කරන බව පර්යේෂකයන් පවසයි.

මේ හරහා පොල් වගාවේ සුදු මැස්සා උවදුර පාලනය කරගත හැකි බව කෘෂිකර්ම  නිලධාරීන් සදහන් කරයි.

පොල් වගා කිරීමේ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා,අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව අනුරාධපුර ,සාලියපුර ප්‍රදේශයේ දී  මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර ප්‍රදේශයේ පොල් වගාකරුවන් ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT