Home » නිවැ­සි­යන් දාන­ය­කට ගිය අව­ස්ථාවේ නිවෙස බිඳ ලක්ෂ ගාණක රන් සොරා­ගෙන

නිවැ­සි­යන් දාන­ය­කට ගිය අව­ස්ථාවේ නිවෙස බිඳ ලක්ෂ ගාණක රන් සොරා­ගෙන

by Gayan Abeykoon
July 11, 2024 12:30 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත්

වර­කා­පොළ, ගොඩ­වෙල ප්‍රදේ­ශයේ යුව­ළක් දාන­මය පින්ක­ම­කට ගිය අව­ස්ථා­වේදී ඔවුන්ගේ නිවෙස බිඳ රන් භාණ්ඩ සොර­කම් කර­ගෙන ගොස් ඇතැයි වර­කා­පොළ පොලි­සිය පව­සයි.

මෙම යුවළ ඉකුත් 6 වැනිදා සවස ඥාති නිවෙ­සක පැවැති දාන­මය පින්ක­ම­කට තම නිවෙස වසා දමා ගොස් ඇති අතර, ඉකුත් 7 වැනිදා සවස පින්කම අව­සන් වී යළි නිවෙ­සට පැමිණ තිබේ. නිවෙ­සට පැමි­ණී­මෙන් පසුව තම නිවෙස බිඳ ඇති බව නොදැන රන් භාණ්ඩ අතු­රු­දන් වීම සම්බ­න්ධ­යෙන් වර­කා­පොළ පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර තිබුණි. අන­තු­රුව වර­කා­පොළ පොලි­සියේ වැඩ බලන ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සම­ර­නා­යක මහ­තාගේ උප­දෙස් පරිදි කෑගල්ල කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගා­රයේ ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තිවංක දෙහි­ම­ඩුගේ ඇතුළු නිල­ධා­රින් කණ්ඩා­ය­මක් පරී­ක්ෂණ ආරම්භ කර ඇත. සොරුන් නිවෙ­සට ඇතුළු වී ඇති ආකා­රය සොයා ගැනී­මට කාල­යක් ගත වූ බවත්, නිවෙසේ පිටු­පස දොරට ඇතු­ළ­තින් දමා තිබුණු දොර පොල්ල කම්බි කූරක් දමා ගලවා බිමට දමා ඇති බව පසුව අනා­ව­ර­ණය වූ බවත් පොලි­සිය කීය.

නිවෙසේ අල්මා­රියේ තිබූ රු. ලක්ෂ 10ක් වටිනා මාල දෙකක්, වළලු ජෝඩු­වක්, කරාබු ජෝඩු­වක් හා මාල පෙත්තක් රැගෙන ගොස් තිබේ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් මෙතෙක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වී නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT