Friday, May 16, 2025
Home » හොරණ කලා­පයේ සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් ශූර­තා­ව ශ්‍රී මේධං­කර මහා විද්‍යා­ල­යට

හොරණ කලා­පයේ සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් ශූර­තා­ව ශ්‍රී මේධං­කර මහා විද්‍යා­ල­යට

by Gayan Abeykoon
July 11, 2024 6:46 am 0 comment

ඉංගි­රිය මධ්යම සමූහ ප්රිය­ද­ර්ශනී කහ­වල

පාසල් 22ක කණ්ඩා­යම් සහ­භා­ගී­ත්ව­යෙන් පැවැති හොරණ අධ්‍යා­පන කලා­පයේ කලාප ක්‍රීඩා තර­ඟා­ව­ලියේ සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් ශූර­තා­වය දිනා ගැනී­මට හොරණ ශ්‍රී මේධං­කර මහා විද්‍යා­ල­යීය කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම පසු­ගි­යදා සමත් විය.

කාණ්ඩ දෙකක් යටතේ මෙම තර­ගය පැවැ­ත්වුණ අතර, එහිදී මේධං­කර මහා විදු­හල් කණ්ඩා­යම විසින් හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදු­හල පරා­ජ­යට පත්ක­ර­මින් අව­සන් පූර්ව තර­ඟය ජය­ග්‍ර­හ­ණය කළ අතර, අව­සන් තර­ග­යේදී පන්දු වාර දෙකයි පන්දු දෙක­කදී හොරණ රාජ­කීය විදු­හල පරා­ජ­යට පත්ක­ර­මින් හොරණ අධ්‍යා­පන කලා­පයේ සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් ශූර­තා­ව­යට හිමි­කම් කීමට මේධං­කර ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

මෙම ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ බස්නා­හිර පළාත් තර­ගය සඳහා සුදු­සු­කම් ලබා­ගැ­නී­මට ඔවුන් සම­ත්වුණු අතර, අනු­ශූ­ර­යන් වූ හොරණ රාජ­කීය විදු­හ­ල­ටද බස්නා­හිර පළාත් තර­ගය සඳහා සුදු­සු­කම් ලබා­ගැ­නී­මට අව­ස්ථාව හිමි­විය.

විද්‍යා­ල­යීය ආචාර්ය සමන් මඩ­ල­කන්ද මහතා මෙම ක්‍රිකට් කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස 2022 වසරේ සිට කට­යුතු කරන අතර, මේධං­කර විදු­හල සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා අංශ­යෙන් කලාප ශූර­තා­වය දිනා­ගත් ප්‍රථම අව­ස්තා­වද මෙය වීම විශේ­ෂ­ත්ව­යකි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT