Saturday, May 10, 2025
Home » විනයක් නැති පෞද්ගලික ක්‍රීඩාගාරය කළුබෝවිල ශ්‍රී සුනන්දාරාම පාරේ ජනතාවට කරදරයක්

විනයක් නැති පෞද්ගලික ක්‍රීඩාගාරය කළුබෝවිල ශ්‍රී සුනන්දාරාම පාරේ ජනතාවට කරදරයක්

by sachintha
July 11, 2024 1:00 am 0 comment

මධ්‍යම රාත්‍රිය වනතුරුත් පරුෂ වචන කියමින් මත්පැන් සාද

ආසන්නයේ ඇති රෝහල ගැනවත් තැකීමක් නෑ

උසුළු විසුළු කිරීමෙන් මගීනුත් අපහසුතාවට

කළුබෝවිල, ශ්‍රී සුනන්දාරාම පාරේ පිහිටා ඇති පෞද්ගලික ක්‍රීඩාගාරයක් හේතුවෙන් එම මාර්ගය අවට සිටින ප්‍රදේශවාසීන් සහ මාර්ගයේ ගමන් ගන්නා මගීන් ද මහත් අපහසුතාවයට සහ පීඩාවට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති.

ජනතාව පෙන්වා දෙන්නේ, කළුබෝවිල ශික්ෂණ රෝහල පිටුපසින් ඇති මෙම මාර්ගයේ පෞද්ගලික ක්‍රීඩාගාරයක් පවත්වාගෙන යනු ලබන අතර, එම ක්‍රීඩාගාරයේ රාත්‍රී කාලයේදී පවත්වන ක්‍රීඩා තරග සඳහා පැමිණෙන පිරිස් මධ්‍යම රාත්‍රිය වන තෙක් අධික ශබ්දයෙන්, පරුෂ වචන කියමින් එම ස්ථානයේ ඝෝෂාකාරී ලෙස හැසිරෙන බවයි. එම ස්ථානයට පැමිණෙන පිරිස් මාර්ගය දෙපස සිය රථවාහන නවතා විවිධ මත්ද්‍රව්‍ය ද භාවිත කරන බවත්, රාත්‍රි කාලයේදී එම මාර්ගයේ ක්‍රීඩාගාරය අසලින් ගමන් ගන්නා පුද්ගලයන්ට අනවශ්‍ය උසුළු විසුළු කරන බවත්, අධික ඝෝෂාකාරී අන්දමින් පරුෂ වචන කියමින් කෑ කෝ ගසමින් සිටින බවත් ඔවුහු පෙන්වා දෙති. මේ හේතුවෙන් පාසල් යන කුඩා දූ දරුවන්ට පවා සිය අධ්‍යාපනික කටයුතු කර ගත නොහැකි වී ඇති බවත්, සිය දෛනික රාජකාරි නිමා කර විවේක සුවයෙන් සිටීමට සිය නිවෙස් කරා පැමිණිය ද එම ස්ථානයේ සිටින පුද්ගලයන්ගේ ඝෝෂාකාරී හැසිරීම් හේතුවෙන් නිදහසේ සිටීමට ද නොහැකි තත්ත්වයක් මේ වන විට උදා වී ඇති බවටත් ප්‍රදේශවාසීහු චෝදනා කරති. මෙම කරුණු පිළිබඳව අදාළ ක්‍රීඩාගාරයේ පාලන අධිකාරිය දැනුම්වත් කළද මෙතෙක් කිසිදු පිළියමක් ඒ සඳහා ලැබී නොමැත. මෙසේ ප්‍රදේශවාසීන් හෝ ඊට ආසන්නයේම ඇති රෝහල පිළිබඳවවත් කිසිදු තැකීමකින් තොරව ඔවුන්ට රිසි ආකාරයෙන් විනයක් නොමැතිව එම ක්‍රීඩාගාරය පවාත්වාගෙන යෑම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරන ප්‍රදේශවාසීන් මෙම විනයක් හෝ නිසි ක්‍රමවේදයන් නොමැතිව පවත්වාගෙන යන ක්‍රීඩාගාරය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදු කර මෙම ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලයලත් ආයතනයන්ගෙන් සහ වත්මන් පාලන අධිකාරියෙන් ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT