Sunday, May 11, 2025
Home » රොසෝව්ගේ වේග­වත්ම එල්පී­එල් ශත­කය ජැෆ්නා පිලට පෙර­මුණ රැක දෙයි

රොසෝව්ගේ වේග­වත්ම එල්පී­එල් ශත­කය ජැෆ්නා පිලට පෙර­මුණ රැක දෙයි

by Gayan Abeykoon
July 11, 2024 1:00 am 0 comment

අවිශ්ක ප්‍රනාන්දු

ලංකා ප්‍රිමි­යර් ලීග් තරග බිමේ වේග­වත්ම ශත­කය රැස් කිරීමේ වාර්තාව ඊයේ (10) තම නමට ලියා­ගත් ජැෆ්නා කිංග්ස් පිල නියෝ­ජ­නය කරන දකුණු අප්‍රි­කානු ක්‍රීඩක රිලී රොසෝව් සිය කණ්ඩා­යම කඩුලු 7ක ජයක් කරා ගෙන ගියේය.

එල්පී­එල් තර­ගා­ව­ලියේ 13 වැනි තර­ගය ලෙස ඊයේ පස්ව­රුවේ දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ග­යේදී ජැෆ්නා පිල හමුවේ කලම්බු ස්ට්‍රයි­කර්ස් පිල පරා­ජය වූ අතර, මේ ජය සමඟ තව­දු­ර­ටත් පෙර­මුණ රැක ගැනී­මට ජැෆ්නා පිලට හැකි විය.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් කලම්බු පිල දුන් ලකුණු 189ක ඉල­ක්කය හඹා ගිය ජැෆ්නා ක්‍රීඩ­කයෝ ඕවර 18.3කදී ජය­ග්‍රාහී ඉල­ක්කය පසු

රිලී රොසෝව්

රිලී
රොසෝව්

කළේ කඩුලු 3ක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

මෙවර තර­ගා­ව­ලියේ වාර්තා­ගත ශත­ක­ය­කට හිමි­කම් කියන ජැෆ්නා ආර­ම්භක පිති­ක­රු­වකු වන පැතුම් නිශ්ශංක (තර­ගා­ව­ලියේ ඉහ­ළම ඉනිම – 119) සහ කුසල් මෙන්ඩිස් පිළි­වෙ­ළින් ලකුණු 6ක් සහ 5ක් තුළ දැවී ගිය අතර, ඉන් අන­තු­රුව ඉනිමේ බර කරට ගත් රිලී රොසෝව් පන්දු 50කදී නොදැවී ලකුණු 108ක් රැස් කර­මින් කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය කරා රැගෙන ගියේය. හතරේ පහර 12කින් සහ හයේ පහර 6කින් ඉනිම වර්ණ­වත් කර­ගත් ඔහු සිය ශත­කය සම්පූර්ණ කළේ පන්දු 44කිනි. එය එල්පී­එල් තරග බිමේ වේග­වත්ම ශත­කය ලෙස වාර්තා පොත අලුත් කළේ සිය කණ්ඩා­ය­මට එරෙ­හිව දඹුල්ල සික්සර්ස් කණ්ඩා­යමේ කුසල් ජනිත් පෙරේරා මෙවර තර­ගා­ව­ලියේ සිව්වැනි තර­ග­යේදී පන්දු 50කින් වාර්තා කළ එල්පී­එල් වේග­වත්ම ශත­කයේ වාර්තාව මකා දම­මිනි.

එල්පී­එල් ඉති­හා­සයේ වාර්තා වූ 8 වැනි ශත­කය මෙය වන අතර, මෙවර තර­ගා­ව­ලියේ වාර්තාව වූ සිව්වැනි ශත­ක­යයි.

රොසෝව් සහ අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක්ව තෙවැනි කඩු­ල්ලට ලකුණු 120ක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟී­මට ද සමත් විය. පන්දු 35කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සම­ඟින් ලකුණු 58ක් රැස් කළ අවිශ්ක දැවී යෑමෙන් එම සබ­ඳ­තාව නිමා විය. එල්පී­එල් තරග බිමේ වැඩිම අර්ධ ශත­ක­ලා­භියා වන අවිශ්ක ඊයේ රැස් කළේ 14 වැනි එල්පී­එල් අර්ධ ශත­කය මෙන්ම මෙවර තර­ගා­ව­ලියේ සිව්වැනි අර්ධ ශත­ක­යයි.

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් කලම්බු ඉනි­මේදී ග්ලේන් පිලිප්ස් පන්දු 32කින් ලකුණු 58ක් රැස් කර­මින් ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, ඇන්ජලෝ පෙරේරා ආබා­ධ­යක් හේතු­වෙන් පිටි­යෙන් ඉවත් වන විට ලකුණු 34ක් රැස් කර තිබිණි. රහ්ම­නු­ල්ලාහ් ගුර්බාස් පන්දු 11කින් ලකුණු 27ක් ඉනි­මට එක් කළේය. පන්දු යැවී­මේදී අස්ම­තු­ල්ලාහ් ඔම­ර්සායි සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්හ.

කලම්බු ස්ට්‍රයි­කර්ස් – 188/8 (ඕවර 20) ග්ලේන් පිලිප්ස් 58,  ඇන්ජලෝ පෙරේරා 34, රහ්ම­නු­ල්ලාහ් ගුර්බාස් 27 (අස්ම­තු­ල්ලාහ් ඔම­ර්සායි 31/2, අසිත ප්‍රනාන්දු 38/2)

ජැෆ්නා කිංග්ස් – 190/3 (ඕවර 20) රිලී රොසෝව් නොදැවී 108, අවිශ්ක ප්‍රනාන්දු 58.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT