Tuesday, May 13, 2025
Home » මීග­මුව හරි­ස්චන්ද්‍ර ජාතික පාසල දෙදින අව­සන් තර­ග­යට
19න් පහළ තෙවැනි කොටස ටියර් ඒ

මීග­මුව හරි­ස්චන්ද්‍ර ජාතික පාසල දෙදින අව­සන් තර­ග­යට

by Gayan Abeykoon
July 11, 2024 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි
දේවින්ද සහ දිමුතු

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංග­මය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ අනු­ග්‍ර­හය ඇතිව සංවි­ධාන කරන අවු­රුදු 19න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටස ටියර් ඒ දෙදින ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලැබී­මට මීග­මුව හරි­ස්චන්ද්‍ර ජාතික පාසල සමත් විය.

කිරි­ඳි­වැල ක්‍රීඩාං­ග­ණයේ පැවති අව­සන් පූර්ව තර­ග­යේදී හංවැල්ල රාජ­සිංහ මධ්‍ය මහා විදු­හ­ලට එරෙ­හිව පළමු ඉනිමේ ජයක් සම­ඟින් හරි­ස්චන්ද්‍ර විදු­හල මේ අව­ස්ථාව උදා­කර ගත්තේය.

පන්දු යව­න්නන්ගේ තර­ග­යක් බවට පත්වූ මේ තර­ග­යේදී හරි­ස්චන්ද්‍ර ජාතික පාසලේ වමත් වේග පන්දු යවන දේවින්ද දර්ශන ලකුණු 22කට කඩුලු 6ක් දවාලූ අතර, ඉනිම දෙකේදී ඔහු බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 10කි. රාජ­සිංහ මධ්‍ය මහා විද්‍යා­ලයේ වම­තින් පා දඟ පන්දු යවන දිමුතු තාරක ලකුණු 40කට කඩුලු 8ක් දවා ගැනී­මට සමත් විය.

රාජ­සිංහ මධ්‍ය මහා විදු­හල් පළමු ඉනිම – 78 (ඕවර 26.3) සනුත් මන්දිව් 45 (දේවින්ද දර්ශන 22/6, ශකිල අශේන් 15/2) සහ  දෙවැනි ඉනිම – 108 (ඕවර 25.1) කවිදු මධු­ෂාන් 40, සමිත් විදුර 22 (දේවින්ද දර්ශන 30/4, රොශේන් ශාලිංග 46/4)

හරි­ස්චන්ද්‍ර ජාතික පාසල් පළමු ඉනිම – 107 (ඕවර 71.5) හිමංක සඳ­මිණ 22, ශකිල අශේන් 22 (දිමුතු තාරක 40/8) සහ දෙවැනි ඉනිම – 24/2 (ඕවර 20).

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT