ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටස ටියර් ඒ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල සමත් විය.
කිරිඳිවැල ක්‍රීඩාංගණයේ පැවති අවසන් පූර්ව තරගයේදී හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් සමඟින් හරිස්චන්ද්‍ර විදුහල මේ අවස්ථාව උදාකර ගත්තේය.
පන්දු යවන්නන්ගේ තරගයක් බවට පත්වූ මේ තරගයේදී හරිස්චන්ද්‍ර ජාතික පාසලේ වමත් වේග පන්දු යවන දේවින්ද දර්ශන ලකුණු 22කට කඩුලු 6ක් දවාලූ අතර, ඉනිම දෙකේදී ඔහු බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 10කි. රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ වමතින් පා දඟ පන්දු යවන දිමුතු තාරක ලකුණු 40කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් විය.
රාජසිංහ මධ්‍ය මහා විදුහල් පළමු ඉනිම – 78 (ඕවර 26.3) සනුත් මන්දිව් 45 (දේවින්ද දර්ශන 22/6, ශකිල අශේන් 15/2) සහ දෙවැනි ඉනිම – 108 (ඕවර 25.1) කවිදු මධුෂාන් 40, සමිත් විදුර 22 (දේවින්ද දර්ශන 30/4, රොශේන් ශාලිංග 46/4)
හරිස්චන්ද්‍ර ජාතික පාසල් පළමු ඉනිම – 107 (ඕවර 71.5) හිමංක සඳමිණ 22, ශකිල අශේන් 22 (දිමුතු තාරක 40/8) සහ දෙවැනි ඉනිම – 24/2 (ඕවර 20).