සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින්ගේ දරුවන් දෙදෙනෙකු සඳහා වටිනා ශ්‍රවණාධාර උපකරණ ප්රදානය කිරීමේ විශේෂ පරිත්‍යාග වැඩසටහනක් ජූලි 10වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.
ශ්‍රවණාබාධයකින් පෙළෙන මෙම දරුවන් හට සුරක්ෂිත සහ දීප්තිමත් අනාගතයක් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ “හුස්ම ව්‍යාපෘතිය” මඟින් ශ්‍රවණාධාර ලබා දුන් අතර එය පරිත්‍යාගශීලීන්ගේ සහ හිතවතුන්ගේ දායකත්වයෙන් සිදු විය.
අවුරුදු 01යි මාස 2ක දරුවකු හට රුපියල් මිලියන 1.6ක් වටිනා ශ්‍රවණාධාර සහ දොළොස් හැවිරිදි දරුවකුට රුපියල් මිලියන 1.8ක් වටිනා ශ්‍රවණාධාර ද ප්රදානය කරන ලදී .
මෙම වැඩසටහන සඳහා විශේෂ ආරාධිතයින් වන සීමාසහිත වික්‍රමආරච්චි සහ සමාගමේ මිහිර වික්‍රමආරච්චි මහතා සහ කෝල් ලෝමස් මහතාද මෙම දරුවන්ගේ ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කළ රිජ්වේ ආර්යා රෝහලේ වෛද්‍ය ඒ.ඩී.කේ.එස්.එන්.යසවර්ධන මහතාද සහභාගි විය.
මීට අමතරව, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී තුමන්, ගුවන් ලේකම් තුමන් , ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්, නිළධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගි විය.