Home » ජන­ප­ති­ව­ර­ණය මේ වසරේ පව­ත්ව­නවා නම් 19ට ජනමත විචා­ර­ණ­යක් පව­ත්වන නියෝ­ග­යක් ඉල්ලා මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක්

ජන­ප­ති­ව­ර­ණය මේ වසරේ පව­ත්ව­නවා නම් 19ට ජනමත විචා­ර­ණ­යක් පව­ත්වන නියෝ­ග­යක් ඉල්ලා මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක්

by damith
July 13, 2024 1:12 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

19 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­නය නිසි ලෙස සම්ම­තව නීති­යක් බවට පත් වී නැති බැවින් දැනට ප්‍රකාශ කර ඇති පරිදි ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වුව හොත් එම­ඟින් මෙරට ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වන බව පව­ස­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ගොනු කර තිබේ.එබැ­වින් ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වී­මට පෙර 19 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව සම්මත කිරීම සඳහා ජන මත විචා­ර­ණ­යක් පව­ත්වන ලෙස නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි ඒ පෙත්සම මඟින් ඉල්ලා ඇත.

නීතිඥ අරුණ ලක්සිරි උණ­ව­ටුන මහතා ඉදි­රි­පත් කළ මේ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස පාර්ලි­මේන්තු මහ­ලේ­ක­ම්ව­රයා සහ නීති­ප­ති­ව­රයා නම් කරනු ලැබ සිටිති.

මෙරට ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 70 වැනි ව්‍යව­ස්ථාව ඇතුළු ව්‍යවස්ථා කිහි­ප­යක් ශෝධ­නය කිරීම සඳහා 19 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව 2022 වස­රේදී ඉදි­රි­පත් කරන ලද බව පෙත්ස­මෙහි සඳ­හන් වේ. එම පනත් කෙටු­ම්පතේ ඇතු­ළත් ව්‍යව­ස්ථා­නු­කූ­ල­භා­වය පිළි­බඳ ඉදි­රි­පත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් සලකා බැලූ බවද පෙත්ස­මෙහි සඳ­හන් වේ. 19 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව නිසි පරිදි සම්මත වී නැති අතර, නිසි පරිදි නීති­යක් බවට පත් වීමට නම් ජන­මත විචා­ර­ණ­ය­කදී ජන­තාව විසින් සම්මත කිරී­මෙන් අන­තු­රුව ජනා­ධි­ප­ති­ව­රයා විසින් සිය අත්සන තබා සහ­තික කළ යුතු බවද පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

2018 වස­රේදී පාර්ලි­මේ­න්තුව විසි­රුවා හැරී­මට එව­කට සිටි ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කළ අතර, ඊට එරෙ­හිව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ගොනු කළ බව පෙත්ස­මෙහි සද­හන් වේ. ඒ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් 7 දෙනකු හමුවේ විභා­ග­යට ගැනුණු අතර, පාර්ලි­මේ­න්තුව විසු­රුවා හරි­මින් නිකුත් කරන ලද ගැසට් නිවේ­ද­නය ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් බල රහිත කරන ලද බව පෙත්සමේ සඳ­හන් වේ. එම නඩු තීන්දුව අනුව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 33(2) වග­න්තිය අබි­බවා ආණ්ඩු­ක්‍ර­මය අව­ස්ථාවේ 70(1) වග­න්තිය ක්‍රියා­ත්මක වන බව පෙත්ස­ම්කරු විසින් පෙන්වා දී ඇත.

ඒ අනුව 19 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­නය නීති­යක් බවට පත් වීමට නම් ජන මත විචා­ර­ණ­යක් පැවැ­ත්විය යුතු අතර එවැනි චතු ජන­මත විචා­ර­ණ­යක් මෙතෙක් පවත්වා නැති බවද, ඒ අනුව අදාළ ව්‍යවස්ථා සංශෝ­ධ­නය තව­මත් නීති­යක් බවට පත් නොවූ පනත් කෙටු­ම්ප­තක් පම­ණක් බවද පෙත්ස­ම්කරු පෙන්වා දී ඇත. එසේ තිබි­යදී එය නීති­යක් ලෙස සල­ක­මින් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට මැති­ව­රණ කොමි­ස­මෙන් විසින් තීර­ණය කර ඇති බවද පෙත්ස­ම්කරු විසින් පෙන්වා දී ඇත.

නිසි ලෙස සම්මත නොවූ කෙටු­ම්ප­තක් නීති­යක් ලෙස සලකා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට කට­යුතු කිරීම ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 12(1) ව්‍යව­ස්ථාව මඟින් සහ­තික කර ඇති මූලික අයි­ති­වා­සි­කම උල්ලං­ඝ­නය කිරී­මක් බව ඔහු පෙන්වා දී තිබේ. එබැ­වින් ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වී­මට පෙර 19 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව නිසි ලෙස සම්මත කර­ගැ­නී­මට ජන මත විචා­ර­ණ­යක් පැව­තී­මට කට­යුතු කරන ලෙස පාර්ලි­මේන්තු මහ ලේක­ම්ව­ර­යාට නියෝග කරන ලෙස පෙත්සම මඟින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT